අකිල දිනේෂ්ගේ අවමගුලට දහස් සංඛ්‍යාත පිරිසක්

වැලිවේරිය රතුපස්වල ගම්වාසීන්ට හමුදාව එල්ල කළ ප්‍රහාරයෙන් මියගිය අකිල දිනේෂ් පාසල් ශිෂ්‍යයාගේ අවමගුලට දහස් සංඛ්‍යාත ජනකායක් රොක් වී සිටියහ.
අවමගුල් උත්සවයට පන් දහසත් හය දහසත් අතර පිරිසක් එක්වී සිටි බවයි, ප්‍රදේශවාසියෙක් බීබීසී සංදේශයට කියා සිටියේ.
දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ පැවැත්වුන අවමගුල වෙනුවෙන් හමුදාව රඳවා නොසිටියත්, රතුපස්වල ගම්මානයෙන් අවට පන් දහසක් පමණ හමුදා භට පිරිසක් රඳවා ඇතැයි දැනගන්නට ලැබුන බව ද සිය නම හෙළි නොකරන්නැයි ඉල්ලා සිටි එම ගම්වාසියා කියා සිටියේය.
එහෙත් කිසිම හමුදා භට පිරිසක් ඒ අවට රඳවා නොසිටි බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය අවධාරණය කරයි.
හේලීස් සමූහ ව්‍යාපාරයේ අත්වැසුම් කම්හලකින් පිටවන අපද්‍රව්‍ය නිසා පානීය ජලය විස වී ඇති බව පවසමින් උද්ඝෝෂණයේ යෙදුනු ගම්වාසීන්ට හමුදාව එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව තිදෙනකු දක්වා ඉහල ගොස් ඇති බව බලධාරීහු පවසති.
එහිදී හත් දෙනකු මියගොස් ඇති බවට එක්සත් ජාතික පක්ෂය කරන ප්‍රකාශය හමුදා ප්‍රකාශකයා ප්‍රතික්ෂේප කරයි.




