වැලිවේරියේ සිදුවීම් ගැන හොයන්න හමුදා විමර්ශනයක්

වැලිවේරිය රතු පස්වල සිද්ධියෙදී හමුදාව සම්බන්ධ වූ ආකාරය සම්බන්ධයෙන් ව්‍යාකුල තත්වයක් හට ගෙන ඇති බැවින් ඒ පිළිබඳව විමර්ශනය කිරීමට කමිටුවක් පත් කිරීමට තමන් තීරණය කළ බව හමුදාපති දයා රත්නායක බීබීසී සංදේශයට පැවසීය.

daya Ratnayaka

මේ කමිටුවේ ප්‍රධානියා ලෙස මේජර් ජෙනරාල් ජගත් ඩයස් කටයුතු කරන අතර තවත් බ්‍රිගේඩියර් වරුන් දෙදෙනෙකු ඔහුට සහය වන බවයි හමුදාපතිවරයා ප්‍රකාශ කළේ.

චෝදනා එල්ල වන විට විනය ගරුක සංවිධානයක් වශයෙන් තමන්ට ඒ පිළබඳව විවිධ පැතිමානයන් ඔස්සේ හොයා බලා තීරණයක් ගැනීමට සිදුවන බව හමුදාපති දයා රත්නායක වැඩි දුරටත් කියා සිටියේය.