විරෝධතා මර්දනයට ‘අධිකරණ පද්ධතිය යොදා ගන්නවා’

ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතා මැඩ පැවැත්වීම සඳහා ආණ්ඩුව අධිකරණ පද්ධතියත් යොදා ගනිමින් සිටින බවට වාමාංශික දේශපාලන පක්ෂ කිහිපයක් අනතුරු අඟවයි.
එම පක්ෂ අද කොළඹදී ජනමාධ්‍ය වේදීන් මුණ ගැසුනේ අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම් කරු අත් අඩංගුවට ගැනීම හෙලා දක්මින් ඔහු නිදහස් කරන මෙන් බල කර සිටීමට.
උද්ඝෝෂණ වල නිරත නොවන ලෙස පනවනු ලැබු ඇප කොන්දේසියක් කඩ කිරීම සම්බන්ධයෙන් සංජීව බණ්ඩාර අධිකරණය විසින් ලබන 26 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කොට තිබේ.
ඔහු මුලින් අධිකරණය හමුවට ගෙන ඒමේදී පොලිසිය ගොනු කළ චෝදනාව උද්ඝෝෂණ මගින් මහජන පීඩාව.
'මහජන පීඩාව'
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ පොලිසියේ චෝදනාව අභියෝගයට ලක් කරමින් කියා සිටියේ මහජන පීඩාව නිසා උද්ඝෝෂණ හටගනු විනා උද්ඝෝෂණ මහජන පීඩාවක් ඇති නොකරන බවයි.
‘ඇමති කෙනෙක් යන කොට පාරවල් බ්ලොක් වෙනවා. ජනාධිපතිවරයා කොහේ හරි යන කොට කිලෝමීටර් හතක් අටක් පාර වහනවා. ඒක මහජන පීඩාවක් නොවේ ද?’ පුබුදු ජයගොඩ ප්‍රශ්න කළේය.
උද්ඝෝෂණය කිරීම මහජනතාව වෙත ව්‍යවස්ථාවෙන් සහතික කොට ඇති අයිතිවාසිකමක් බව මාඕවාදී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සුරේන්ද්‍ර අජිත් රූපසිංහ මේ අතර ප්‍රකාශ කළේය.
මර්දනයේ ‘නියමු පියවරක්’
ශිෂ්‍ය උද්ඝෝෂණ වලට සීමා පැනවීම, වෙනත් බහුජන අරගල ක්‍රියාමාර්ග මර්දනය කිරීමේ ‘නියමු පියවරක්’ ලෙසිනුයි ඔහු හැඳින්වුයේ.
ඒ සමගින් ‘වැඩ වර්ජන කරන්න බෑ, දේශපාලනය කරන්න බෑ, කම්කරුවන්, ගොවීන්, ධීවරයින් සමග ක්‍රියාකාරිත්වයට යන්න බෑ,’ යනුවෙන් නව පන්නයේ මර්දනයක් දියත් කිරීමේ අවදානමක් ඇතැයි ද අනතුරු ඇඟවූ සුරේන්ද්‍ර අජිත් රූපසිංහ මේ වනවිට ශිෂ්‍ය මණ්ඩල 16ක් තහනම් කොට තිබෙන බව කියා සිටියේය.
එල්ලවී ඇති අභියෝගය තනිව ජය ගැනීමේ හැකියාවක් ශිෂ්‍ය ව්‍යාපාරයට නොමැති බවයි නව සම සමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ධර්මසිරි ලංකාපේලි කියා සිටියේ.
අත් අඩංගුවේ පසුවන සංජීව බණ්ඩාර ශිෂ්‍යයකු නොවන බවට රජය ගෙන යන ප්‍රචාරය ඔහු අභියෝගයට ලක් කළේය.
රජය තුලම අර්බුදකාරී තත්වයක් උද්ගත වී තිබීම මර්දනය දියත් කිරීමට හේතුවක් බව සමාජවාදී පක්ෂයේ පී ඩී සරණපාල ප්‍රකාශ කළේය.
රටේ ඇත්තේ ‘ආණ්ඩුවට පක්ෂ හා විපක්ෂ’ යනුවෙන් ජාතීන් දෙකක් පමණකැ’යි එල්ටීටීඊ නායක ප්‍රභාකරන් ඝාතනයෙන් පසු ප්‍රකාශ කළ ජනාධිපතිවරයා බලය බෙදීම සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකිව සිටීම ඊට හොඳම සාධකයක් බවයි ඔහු තව දුරටත් කියා සිටියේ.








