නඩු නැතිනම් පුනරුත්ථාපනයට - එල්ටීටීඊ සැකකරුවෝ

චෝදනා ඇතිනම් නඩු පවරන ලෙසත් එසේ නොමැති නම් රජයේ පුනරුත්ථාපන වැඩ පිළිවෙලට දායක කරගන්නා ලෙසත් එල්ටීටීඊ සැකකරුවන් ලෙසින් සිරගත කොට සිටින පිරිසක් ඉල්ලා සිටිති.
වසර දෙකක් මුළුලේ මීගමුවේ බන්ධනාගාර ගත කොට සිටින ඔවුන් එම ඉල්ලීම කළේ මන්නාරමේ රදගුරු රායප්පු ජෝසෆ් සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩයිකලනාදන් ඔවුන් හමුවූ අවස්ථාවේ.
ප්‍රථම වතාවට තමන් හමුවීමට පිටස්තර පිරිසක් පැමිණීම පිළිබඳව තමන්ට හමුවූ සිරකරුවන් 14 දෙනා සතුට පළ කළ බව මන්ත්‍රීවරයා බීබීසී සංදේශයට කියා සිටියේය.
ඥාතීන් කිසිවෙකුට හෝ ඔවුන් හමුවීමට අවසර නොලැබීමත්, එල් ටී ටී ඊ සැකකරුවන් ලෙසින් හංවඩු ගැසීමත් සිරකරුවන් පිරිස දැඩි මානසික කම්පනයකින් කල් ගෙවන බව ද මන්ත්‍රීවරයා පැවසීය.




