භික්ෂූන් වහන්සේ ගිනි තබා ගැනීම 'හොඳ ආදර්ශයක් නොවේ'

වෙසක් පුන් පොහෝ දින බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් සිරුරට ගිනි තබා ගැනීම ශ්‍රී ලංකාවාසීන්ට කිසිසේත්ම යහපත් ආදර්ශයක් නොවන බව ජාතික හෙළ උරුමය පවසයි.
එම පක්ෂයේ නායක ඕමල්පේ සෝභිත හිමියන් එම ප්‍රකාශය කළේ, මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාහල්කඩ ඉදිරිපිට, බෝධිය අසලදී බෝවත්තේ ඉන්දරතන හිමියන් සිරුරට ගිනි තබා ගැනීම පිළිබඳව සිංගප්පූරුවේ සිට බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.
ඉන්දරතන හිමියන් ජාතික හෙළ උරුමයේ සාමාජිකයකු බවත්, මෑතක් වන තුරුම එම පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධූරයක් දරා තිබෙන බවත් වාර්තාවල දැක්වේ.
"කොයිම ආකාරයකින්වත් සිය දිවි හානි කර ගැනීම අනුමත කරන්නේ නෑ නමුත් යම් උදාර අරමුණු පෙරදැරි කරගෙන ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කරන අවස්ථා තියෙනව," සෝභිත හිමියෝ පැවසූහ.
'ජීවිත හානිය පාප ක්‍රියාවක්'

ගව ඝාතනයට විරෝධය පළ කරමින් ඉන්දරතන හිමියන් සිරුරට ගිනි තබාගැනීම සියලු දෙනාගේම සංවේගයට හේතුවක් බවද එහිමියෝ සඳහන් කළහ.
ජීවිත හානිය පාප ක්‍රියාවක් වන නමුත් "චේතනාව කුමක්ද කියන එක පැහැදිලි කරගෙනයි ඒකෙ හොඳ නරක තීරණය කරන්න වෙන්නේ," යනුවෙන්ද ඕමල්පේ සෝභිත හිමියෝ සංදේශයට පැවසූහ.
ඉන්දරතන හිමියන් අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලට ඇතුලත් කළ බව කොළඹ මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ ලංකාදීප පුවත්පතට ප්‍රකාශ කොට තිබුණි.
උන්වහන්සේගේ සිරුරෙන් සියයට 90ක් පමණ පිළිස්සී තිබෙන බව, මහනුවර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්ලිව් ජී ඒ දිසානායක පැවසීය.
විරෝධය ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදයක් ලෙසින් තිබ්බතයේ බොහෝ භික්ෂූන් වහන්සේ සිරුරට ගිනි තබා ගන්නා නමුත්, ශ්‍රී ලංකාවේ එවැන්නක් වාර්තා වන්නේ ඉතා කලාතුරකින්.
ශ්‍රී ලංකාවේ ඇතැම් භික්ෂූන් වහන්සේ ද මස් අනුභව කරති.



![දරුවන් හතර දෙනෙකු සහ දෙමව්පියන් [හිස්] සිටින පවුලේ පින්තූරයක්](https://ichef.bbci.co.uk/ace/ws/660/cpsprodpb/4cbe/live/88b07cc0-f5ec-11f0-aa63-9f26721d0c22.png.webp)




