යාල වනයේ 'රේස් පැදීම': ජාතික වනෝද්‍යානයකදී හැසිරිය යුත්තේ කෙසේ ද?

Safari jeeps wait for a leopard at Yala National park, about 250 kilometers (156 miles) south of Colombo, Sri Lanka, on August 21, 2022. Though the Sri Lanka, leopards are classified as endangered, and they can be more easily observed in Sri Lanka than in any other Asian country. Yala National Park is one of the most famous and best places to see leopards in the country. Sri Lanka's Tourism Ministry has decided to issue longer visas for tourists arriving in the country in order to revive the crisis-hit tourism industry. The tourism industry has being battered in recent years, starting off with terror attacks on hotels and churches in 2019, followed by the Covid-19 pandemic and the ongoing economic crisis

ඡායාරූප මූලාශ්‍රය, NurPhoto

වන සතුන්ට හිරිහැර වන ආකාරයෙන් සහ පරිසරයට හානි වන ආකාරයෙන් යාල ජාතික වනෝද්‍යානය තුළ රථවාහන පැදවීමේ සිද්ධිය පිළිබදව මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.විශේෂයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මෙම වීඩියෝ දර්ශන ශීඝ්‍රයෙන් සංසරණය වන අතර ඊට ජනතාවගේ දැඩි විවේචන එල්ල වෙමින් පවතී.

අදාළ දර්ශනවලින් පෙනී යන්නේ, සුඛෝපභෝගී රථවාහන විශාල සංඛ්‍යාවක් යාල වනෝද්‍යානය තුළ සතුන්ට සහ පරිසරයට හානි වන අයුරින් අවිධිමත් ලෙස ධාවනය කරන ආකාරයයි.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

අසාදු ලේඛනගත කිරීම

යාල ජාතික වනෝද්‍යානයේ වන සතුන්ට හිරිහැර වන අයුරින් කටයුතු කළ වාහන හා පුද්ගලයින්ට වසර තුනක් යන තෙක් ශ්‍රී ලංකාවේ කිසිදු ජාතික වනෝද්‍යානයකට ඇතුලු වීමට නොහැකි පරිදි අසාදු ලේඛනගත කිරීමට පියවර ගැනීමට තීරණය කර තිබේ.

යාල වනෝද්‍යානයේ සිදුවීම සම්බන්ධයෙන් අගහරුවාදා (ඔක්: 25) වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් චන්ද්‍රා හේරත්ගේ ප්‍රධානත්වයෙන් සහ වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාරගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවක් පැවැත්විණි.

එහිදී, ගන්නා ලද තීරණ පහත දැක්වේ.

01. සිද්ධියට සම්බන්ධ වාහන හා පුද්ගලයින් කඩිනමින් හඳුනා ගැනීම හා ඔවුන්ට එරෙහිව නඩු පැවරීම.

(දැනට එම වාහන හා පුද්ගලයින් සම්බන්ධයෙන් තිබෙන තොරතුරුවලට අමතරව ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ තොරතුරු, ඡායාරූප හා වීඩියෝ දර්ශනවල ඇතුළත් තොරතුරු ද සැළකිල්ලට ගැනීම.)

02. අදාළ පිරිස සමඟ වනෝද්‍යානයට ඇතුලුවීමට සහාය වීම සඳහා කටයුතු කළ නිලධාරී පිරිස එම කටයුතු වළක්වා ගැනීමට උත්සහ නොකිරීම, ඉහළ නිලධාරින් දැනුවත් නොකිරීම නිසා විමර්ශන කටයුතු අවසන් වන තෙක් ඔවුන් වැඩ තහනමට ලක් කිරීම.

03. විමර්ශන කටයුතුවලට සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා පොලිස්පතිවරයාට වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා මගින් ලිපියක් යොමු කිරීම.

04. යාල ජාතික වනෝද්‍යානය තුළ අනිසි ලෙස වාහන ධාවනය කරමින් වන සතුන්ට හිංසා වන පරිදි කටයුතු කළ පුද්ගලයින් හා සියලු වාහනවලට වසර තුනක් යන තෙක් ශ්‍රී ලංකාවේ කිසිදු ජාතික වනෝද්‍යානයකට ඇතුළත් නොකිරීමට ඔවුන් හා වාහන අසාදු ලේඛනගත කිරීම.

එමෙන්ම මින් ඉදිරියට ජාතික වනෝද්‍යාන තුළ වන සතුන්ට හිංසා වන පරිදි හැසිරෙන පුද්ගලයින් හා කණ්ඩායම් සම්බන්ධව මෙම තීරණය ක්‍රියාත්මක කිරීම.

05. වනෝද්‍යානය තුළ වන සතුන්ට හිංසා නොවන පරිදි හැසිරීම සම්බන්ධව දෙස් විදෙස් සංචාරක කණ්ඩායම් දැනුවත් කිරීම සඳහා අත්පත්‍රිකාවක් නිකුත් කිරීම.

බලධාරීන්ගේ තීරණ ක්‍රියාත්මක කිරීම ගැන පරිසර ක්‍රියාකාරිකයින්ට "සැකයක්"?

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රජයේ බලධාරීන් ගෙන ඇති තීරණ සම්බන්ධයෙන් පරිසර ක්‍රියාකාරිකයින්ට "යම් සැකයක්" මතුව තිබේ.

පරිසර ක්‍රියාකාරිකයෙකු වන නයනක රන්වැල්ල බීබීසී සිංහල සේවයට පැවසුවේ, අදාළ සිද්ධියට යොදා ගැනුණු වාහන අසාදු ලේඛනගත කිරීමට ගෙන ඇති තීරණය සහ අදාළ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් පවතින බවය.

වාහන අසාදු ලේඛනගත කළහොත් එම වාහන පසුව මිල දී ගන්නා පුද්ගලයින්ට ද එම තත්ත්වය බලපාන බව ඔහු පෙන්වා දුන්නේය.

මේ අතර, අදාළ සිද්ධියට සම්බන්ධ සැබෑ සැකකරුවන් වෙනුවට වෙනත් පුද්ගලයින් නීතිය හමුවට ඉදිරිපත් කිරීමේ ඉඩකඩක් ඇති බව ද නයනක රන්වැල්ල පැවසීය.

"මෙතන හිටිය අයගෙන් කිහිප දෙනෙක් දේශපාලනඥයින්ගේ පුත්තු. අනෙක් පිරිස ප්‍රබල ව්‍යාපාරිකයින්ගේ පුත්තු. ඒ නිසා ඔවුන් වෙනුවට වෙනත් පුද්ගලයින් නීතිය හමුවට ගෙන ඒමේ ඉඩකඩක් තියෙනවා. ඒ නිසා අපි බලපෑම් කළ යුතුයි නිසි ක්‍රියාමාර්ග ගැනීමට," ඔහු පැවසීය.

මේ අතර, මෙහිදී වාහන 35ක් ධාවනය කළ අතර වාහන 8කට එරෙහිව පමණක් නීතිය ක්‍රියාත්මක කිරීමේ උත්සහයක් ක්‍රියාත්මක වන බව ද නයනක රන්වැල්ල පෙන්වා දුන්නේය.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

ජාතික වනෝද්‍යානකට ඇතුළු වීම සම්බන්ධයෙන් පවතින නීති මොනවා ද?

ජාතික වනෝද්‍යානයකට ඇතුළු වීම සදහා ප්‍රවේශ පත්‍රයක් මිල දී ගැනීමෙන් අවසර ලැබෙන බව පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, අදාළ ප්‍රවේශ පත්‍රය සහිත නරඹන්නන්ට අවසර දී ඇති මාර්ග ඔස්සේ පමණක් වාහනයක නැගී ගමන් කළ හැකි බවය.

එහෙත්, අදාළ මාර්ගවලින් බැහැර වී අවසර නොලත් මාර්ගවල වාහන ධාවනය කිරීම සහ වාහනවලින් බැස ගමන් කිරීම තහනම් වේ.

ඊට අමතරව රථවාහන තරගයට පැදවීම, අධික වේගයෙන් ධාවනය කරවීම තහනම්ය.තව ද වනෝද්‍යානය නැරඹීමට යාමේදී අවසර ලත් මග පෙන්වන්නෙකු ද රැගෙන යා යුතුය.වනෝද්‍යානය තුළ සංගීතය වාදනය කිරීම හෝ ශබ්ද කිරීම ද තහනම් කර තිබේ.

මෙම සිද්ධියේදී අධික වේගයෙන් රථවාහන ධාවනය කිරීම, අවිධිමත් ලෙස වාහන ධාවනය කිරීම, වාහනවලින් බැසීම සහ ශබ්ද කිරීම යන වැරදි සිදුව ඇතැයි ජගත් ගුණවර්ධන පැවසීය.

මෙම වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වසර 7ක් දක්වා බන්ධනාගාරගත කිරීම, රුපියල් ලක්ෂ 2ක දඩ මුදලක් පැනවීම හෝ එම දඩුවම් දෙක ම පැනවිය හැකිය.

"මේ වැරදි සම්බන්ධයෙන් තීරණ ගැනීමට පොලිසියට හෝ බලධාරීන්ට හැකියාවක් නෑ. නීතිය අනුව සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි. හැබැයි අධිකරණයට ඉදිරිපත් කළ යුත්තේ නිවැරදි සාක්ෂි සහ නිසි චෝදනා ඉදිරිපත් කරමිනුයි. නැත්නම් වැරදිකරුවන්ට නීතියෙන් ගැලවීමට අවස්ථාවක් ලැබෙන්න පුළුවන්," නීතිඥ ජගත් ගුණවර්ධන වැඩිදුරටත් පැවසීය.

බලධාරීන්ගේ ක්‍රියාකලාපය

"වන සතුන්ට හිරිහැර වන අයුරින් යාල වනෝද්‍යානයේ වාහන ධාවනය කළ පිරිස සම්බන්ධයෙන් වහා ම ක්‍රියාත්මක වන පරිදි නීතිය ක්‍රියාත්මක කරන," ලෙස වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දුන් බව එම දෙපාර්තමේන්තුව පවසයි.

ඊට අමතරව "සංවේදී පරිසර කලාපයක වන සතුන්ට හිංසා වන ලෙස වාහන ධාවනය කිරීමේදී ඒ සම්බන්ධව කිසිදු මැදිහත්වීමක් නොකළ මග පෙන්වන්නන් හා අනෙකුත් නිලධාරීන් සම්බන්ධව ද විමර්ශනයක් ආරම්භ කරන," ලෙස අමාත්‍යවරයා උපදෙස් දී ඇත.

වනජීවී හා වෘක්ෂලතා ආඥා පනත යටතේ මෙම පිරිස සිදුකර තිබෙන්නේ බලවත් විෂමාචාරයක් බව ද අමාත්‍යවරයා පැවසීය.

මෙම පිරිස සමඟ ගිය මග පෙන්වන්නන් හා නිලධාරීන්ගේ සේවය විමර්ශනය අවසන් වන තෙක් අත්හිටුවා විමර්ශන ආරම්භ කිරීමට කටයුතු කරන බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් චන්ද්‍රා හේරත් පවසයි.

මෙවැනි සිදුවීමක් සිදු වන්නේ නම් එම නිලධාරින්ට ඊට මැදිහත් වීමට හෝ ඉහළ නිලධාරීන්ට දැනුම් දීමට හැකියාව තිබූ බවත් ඔවුන් ඒ සඳහා කිසිදු පියවරක් ගෙන නොමැති බවත් ලේකම්වරිය පවසයි.