පින්තුර කතාව:බියෙන් ජනතාව ගිලිගත් පාකිස්ථානයේ ගංවතුර

මෙවසරේ මෝසම මඟින් ඇතිකරනු ලැබූ දැඩි වර්ෂාව හේතුවෙන් පාකිස්ථානය පුරා ජල ගැලීම් ඇතිව තිබේ.

ඉන්, මිලියන 30ක ජනතාවක් විපතට පත්ව සිටින අතර ජුනි මාසයේ සිට මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1000කි.

මේ වන විට දැවැන්ත සහන මෙහෙයුමක් ක්‍රියාත්මක නමුත් රට පුරා වැසියන් අවතැන්ව සිටියි. ඔවුහු, තමා වටා ජල මට්ටම ඉහළ යමින් පවතිද්දී උස්, වියළි බිම් සොයා ඇදෙමින් සිටිති.