ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනපති ලෙස අගවිනිසුරු ඉදිරියේ දිවුරුම් දෙයි
අගමැති රනිල් වික්‍රමසිංහ අද (ජූලි 15) අගවිනිසුරු ජයන්ත ජයසුරිය ඉදිරියේ වැඩබලන ජනපතිවයා ලෙස දිවුරුම් දුන් බවට අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාෂකයකු බීබීසී සිංහල සේවයට පැවසීය.
ඔහු පැවසුවේ කොළඹදී රනිල් වික්‍රමසිංහ මෙසේ වැඩබලන ජනපති ලෙස දිවුරුම් දුන් බවයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුව හේතුවෙන් අග්‍රාමාත්‍යවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබුණු ප්‍රතිපාදන අනුව රනිල් වික්‍රමසිංහ මෙලෙස වැඩබලන ජනාධිපති ධුරයෙහි දිවුරුම් දෙනු ලැබීය.