අග්‍රාමාත්‍යවරයෙක් සහ අමාත්‍ය මණ්ඩලයක් නොමැති පැය 48ක්!

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව ඉවත්ව මේ වන විට පැය 48ක් ගතව ඇතත්, මේ දක්වා නව අග්‍රමාත්‍යවරයෙකු හෝ කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට දේශපාලන බලධාරීන් මෙතෙක් අසමත්ව තිබේ.
මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ මතුව ඇති ගැටලුකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින්, අද (මැයි 11) පැවැත්වීමට නියමිතව තිබූ පක්ෂ නායක රැස්වීම ද අවලංගු කළත්, පසුව එය Zoom ඔස්සේ අද පස්වරු 3ට පැවැත්වීමට තීරණය කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන නිවේදනය කරයි. යළි පාර්ලිමේන්තුව කැඳවීමට නියමිතව ඇත්තේ මැයි 17 වැනිදා ය.
මෙම තත්ත්වය තුළ නව ආණ්ඩුවක් පත් කිරීම ද අවිනිශ්චිත ය.
පසුගිය 09 වැනිදා සාමකාමී විරෝධතාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් විසින් පහරදීමත් සමග රටපුරා ආරම්භ වූ ප්‍රචණ්ඩ ක්‍රියා දෙවන දිනටත් ඊයේ රාත්‍රියේත් පැවතුන අතර මේ වන විට බොහෝසෙයින් පාලනය වී ඇතැ යි ආරක්ෂක අංශ පවසයි.
කෙසේ වෙතත් රට පුරා පනවා ඇති ඇඳීරි නීතිය හෙට (මැයි 12 වැනිදා) පෙරවරු 7.00 දක්වා දීර්ඝ කර ඇත.
"කරන අරගලයක් සාමකාමීව කරන්න"
මහජන දේපළ කොල්ල කන හෝ පුද්ගල හානි සිදුකරන සියලු තැනැත්තන්ට වෙඩි තැබීම සඳහා ත්‍රිවිධ හමුදාවට නියෝග කර ඇතැ යි ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ නිවේදනය කළේ ය.
ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) ජෙනරාල් කමල් ගුණරත්න ප්‍රකාශ කළේ "අකමැත්තෙන් වුණත් ඉදිරියේ දී තදින්ම නීතිය ක්‍රියාත්මක කරන්න" පොලීසියට හා ආරක්ෂක අංශයන්ට සිදුවන බව යි.
"ආරක්ෂක අමාත්‍යංශය ඒකට කොහෙත්ම කැමති නැහැ. නමුත් රටේ ජනතාවට නිදහසේ ජීවත්වෙන්න පුළුවන් තත්ත්වයක් ඇතිවෙන්නේ නැත්නම්, රටේ විවිධ කොටස් නීතිය තමන්ගේ අතට අරන් කටයුතු කරනවා නම්, ඒ වගේම සාමකාමී අරගලයක යෙදෙන තරුණ කොටස්වලට ඒ සාමකාමීව අරගලය එසේ කරන්න නොදී සම්පූර්ණයෙන් ප්‍රචණ්ඩත්වය රජ කරන අවස්ථාවක් කරගන්න උත්සහ කරනවා නම්, අපි නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා."
"වැඩිහිටි, තරුණ, බාල හැම කෙනෙක්ගෙන්ම ඉල්ලා සිටින්නේ දැන් තිබිච්ච කරදර ඇති, සිදුවෙච්ච හානිය ඇති. සිදුවෙච්ච තුවාල ඇති. සිදුවෙච්ච මියයෑම් ගණන ඇති. අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ. ඒක නිසා හැමමෝම ඔය අයගේ ගෙවල්වලට යන්න. කරන අරගලයක් සාමකාමීව කරන්න," ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.
"මිනී මරන්න, ඒවගේම දේපළ කොල්ලකන්න, දේපළ ගිනිබත් කරන්න, ඒවගේ දේවල් කරලා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරිලා අපේ මේ ලස්සන රටේ නම කැතකර ගන්න, ජන ජීවිතය නැති කරන්නත් අපිට අපේ කියලා රටක් නැතිවෙන විදිහටත් කටයුතු කිරීම නවත්වන්න කියලා මම ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටිනවා."
මේ අතර ආරක්ෂක අංශ යොදාගනිමින් සාමාන්‍ය ජනතාවට වෙඩි තබා ජනතාව කුපිත කිරීමේ සූදානමක් පවතින්නේයැ යි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව කළ ප්‍රකාශය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රතික්ෂේප කරයි.
"ඉතා පහත් සහ ජනතාව නොමඟ යවනසුළු එම ප්‍රකාශය ත්‍රිවිධ හමුදාව විසින් තරයේ හෙළාදකින අතර ආරක්ෂක අංශ විසින් කිසිදු අවස්ථාවක එලෙස මහජන කැළඹීම් ඇතිවිය හැකි කිසිදු ආකාරයක පහත් ක්‍රියාවන්වල නිරත නොවන බව" ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටියේ ය.
පොලිස්පති හා හමුදාපති මානව හිමිකම් කොමිසමට කැඳවයි
පොලිස්පතිවරයා හා යුද හමුදාපතිවරයා අද මානව හිමිකම් කොමිසමට කැඳවා තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් කොමිසමේ සභාපති, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ පැවසුවේ අද පෙරවරු 10.00ට කොමිසම හමුවේ පෙනී සිටින්නැ යි ඔවුන්ට දැනුම්දී ඇති බව යි.
ජනතාවට සහ ඔවුන්ගේ නිවෙස්වලට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදීමට හා නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් මෙහිදී අදාළ නිලධාරීන්ගෙන් කරුණු විමසන බව මානව හිමිකම් කොමිසමේ සභාපතිවරිය සඳහන් කළා ය.
සෑම විටම නියමිත ක්‍රියාවලිය සහතික කර, ප්‍රචණ්ඩත්වයට වගකිව යුතු සියලු දෙනා අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන සිදුකළ යුතු බව ඇය පවසන්නී ය.

ඡායාරූප මූලාශ්‍රය, Shavendra Silva/Facebook
මේ අතර රට තුළ හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් කරුණු විමසීමට බුද්ධි අංශ ප්‍රධානී, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ද හෙට (මැයි 12) මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා ඇති බව ද මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරයි.
මේ අතර සාමකාමී ජන අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීමට හිටපු අගමැති ආරක්ෂක අංශ අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇත.
අරලියගහ මන්දිරයට පැමිණි පිරිසක් පසුව ප්‍රචණ්ඩකාරීව හැසිරීම සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ නියෝගය අනුව මේ වන විට එම දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබේ.
වැඩ වර්ජන අඛණ්ඩව
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති රැසක් එක්ව ක්‍රියාත්මක කරන අඛණ්ඩ වැඩ වර්ජනය අද තුන්වැනි දිනටත් ක්‍රියාත්මක වේ.
"මැරයන්ට දඬුවම් දෙනු - ගෝඨාභය ගෙදර යනු" යන්න මෙම විරෝධතාවේ තේමාව යි.
සෞඛ්‍ය, වරාය, විදුලිය ආදි ක්ෂේත්‍ර රැසක වෘත්තිය සමිති සාමාජිකයින් වැඩ වර්ජනයට එක්ව සිටින බව වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම-කැඳවුම්කරු වසන්ත සමරසිංහ කියා සිටියේ ය.
සෞඛ්‍ය වෘත්තිකයින් ද වැඩ වර්ජනයට සහය පළ කරන බව වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම-කැඳවුම්කරු රවී කුමුදේශ් ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකා පරිපාලන නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ද තවදුරටත් ක්‍රියාත්මක අතර, විදුහල්පති ශ්‍රේණීධාරි සංගමය ද අද දිනයේ වැඩ වර්ජනයක නිරත වන බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.
එකාවන්ව අත්වැල් බැඳගන්න - ජනපති
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
මේ අතරේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසන්නේ ආර්ථික, සමාජයීය, සහ දේශපාලන අභියෝග ජය ගැනීම සඳහා සියලු ශ්‍රී ලාංකිකයන් එකාවන්ව අත්වැල් බැඳගත යුතු කාලය මෙය බව යි.
"වාර්ගික සහ ආගමික අසමගිය කරා ඔබව තල්ලු කිරීමේ කඩාකප්පල්කාරී උත්සාහයන් ප්‍රතික්ෂේප කරන ලෙස මම සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිමි," ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.
මධ්‍යස්ථභාවය, ඉවසීම, සහ සහජීවනය ප්‍රවර්ධනය කිරීම අත්‍යවශ්‍ය බව ද ට්විටර් පණිවිඩයක් තබමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.
ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන යුරෝපා කවුන්සලයේ අවධානය
යුරෝපා සංගමය (EU) සහ එහි සාමාජික රටවල් 27ක් ශ්‍රී ලංකාවේ වර්ධනයන් සමීපව නිරීක්ෂණය කරන බව යුරෝපා කවුන්සලය නිවේදනය කළේය.
ශ්‍රී ලාංකිකයන්ට ප්‍රකාශනයේ නිදහසට ඇති අයිතිය සාමකාමීව ක්‍රියාත්මක කිරීමට හැකි බවත්, කොළඹ සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව මෑත දී සිදුවූ දරුණු ප්‍රහාරය යුරෝපා සංගමය හෙළා දකින බවත් යුරෝපා කවුන්සලය ප්‍රකාශ කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඇතුළුව විශාල පිරිසක් ජීවිත හානි සහ තුවාල ලැබීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය කණගාටුව පළ කරන අතර, එම සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසත්, ප්‍රචණ්ඩත්වය උසිගන්වන හෝ ක්‍රියාත්මක කරන්නන්ට වගකිව යුතු බවටත් යුරෝපා සංගමය බලධාරීන්ට ප්‍රකාශ කරයි.
එසේම, ප්‍රචණ්ඩත්වයෙන් වළකින ලෙසත්, සංයමයෙන් කටයුතු කරන ලෙසත් යුරෝපා සංගමය සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2
"සියලුම පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරැකීමේ වැදගත්කම සහ ශ්‍රී ලාංකිකයන් දැනට මුහුණ දී සිටින සැලකිය යුතු අභියෝගවලට විසඳුම් සෙවීමේ වැදගත්කම යුරෝපා සංගමය සිහිපත් කරයි.
"පසුගිය මාස කිහිපය තුළ යුරෝපා සංගමය විසින් කොවිඩ් අර්බුදය සහ ඉන්පසුව ඇතිවූ අභියෝග හා කටයුතු කිරීම සඳහා මානුෂීය ආධාර ලබා දී ඇති අතර, වඩාත් අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ට ආර්ථික අර්බුදයේ බලපෑම තවදුරටත් අවම කිරීමේ ක්‍රමයන් ක්‍රියාශීලීව සොයා බලයි," සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්
තවදුරටත් ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා කටයතු කරන ලෙසත් රට තුළ පවතින දැඩි ආර්ථික අර්බුදය මධ්‍යයේ ජනතාවගේ දුක්ගැනවිලි විසඳීම සඳහා සංයමයෙන් හා අර්ථවත් සංවාදයක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලේ ශ්‍රී ලංකාවේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 3
"මැයි 9 වෙනිදා කොළඹදී සාමකාමී විරෝධතාකරුවන්ට අගමැතිගේ ආධාරකරුවන් පහර දීමෙන් පසු ශ්‍රී ලංකාවේ ප්‍රචණ්ඩත්වය උත්සන්න වීම සහ පසුව ආණ්ඩු පක්ෂයේ සාමාජිකයින්ට එරෙහි මැර ප්‍රචණ්ඩත්වය ගැන මම දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටිමි," යනුවෙන් බැචලේ පැවසීය.
"මම සියලු ප්‍රචණ්ඩත්වය හෙළා දකින අතර සිදුවී ඇති සියලුම ප්‍රහාර ස්වාධීනව, පරිපූර්ණව සහ විනිවිදභාවයෙන් විමර්ශනය කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමි. ප්‍රචණ්ඩත්වය උසිගන්වන හෝ සංවිධානය කරන අය ඇතුළුව වගකිව යුතු අය වගවිමට ලක්වනුලබන බව සහතික කිරීම ඉතා වැදගත් වේ."තවදුරටත් ප්‍රචණ්ඩත්වය වළක්වා සාමකාමීව රැස්වීමේ අයිතිය ආරක්ෂා කරන ලෙස ද මහ කොමසාරිස්වරිය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
"ආරක්ෂක හමුදාවන්ට සහය දැක්වීම සඳහා යොදවා ඇති හමුදා නිලධාරීන් ඇතුළු බලධාරීන්, තත්ත්වය පාලනය කිරීමේදී සංයමයකින් ක්‍රියා කළ යුතු අතර, හදිසි අවස්ථාවෙහි සන්දර්භය තුළ ගනු ලබන ක්‍රියාමාර්ග ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල වන බවට සහතික විය යුතු අතර, විසම්මුතිය මැඩපැවැත්වීමට හෝ සාමකාමී විරෝධතාවලට බාධා කිරීමට භාවිතා නොකළ යුතුය," ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.
දරුණු ආර්ථික අර්බුදය බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ දෛනික ජීවිතය අරගලයක් බවට පත් කර ඇති අතර එය ජාතික සංවාදයක් සහ ගැඹුරු ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අවශ්‍ය දුක්ගැනවිලි ද ඉස්මතු කර ඇති බවත් ප්‍රජාතන්ත්‍රවාදී ජීවිතයට වැඩි විනිවිදභාවයක්, වගවීමක් සහ සහභාගීත්වයක් ඉල්ලා සිටීම සඳහා එය විවිධ ජනවාර්ගික සහ ආගම්වලට අයත් පුද්ගලයන් එක් කර ඇති බවට බැචලේ වැඩිදුරටත් පැවසීය. "ජනතාව, විශේෂයෙන් දැඩි අවදානමට ලක්විය හැකි සහ කොන්වූ කණ්ඩායම් මුහුණ දෙන සමාජ-ආර්ථික අභියෝග සඳහා ඉදිරි මාවතක් සොයා ගැනීමට සහ ඒවාට විසඳුම් සෙවීම සඳහා සමාජයේ සියලුම කොටස් සමඟ අර්ථවත් සංවාදයක නිරත වන ලෙස මම ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිමි.
දිගු කලක් තිස්සේ වෙනස් කොට සැලකීම සහ මානව හිමිකම් පිරිහීමට හේතු වී ඇති පුළුල් දේශපාලන හා පද්ධතිමය මූල හේතුන් විසඳීමට පියවර ගන්නා ලෙස මම රජයෙන් ඉල්ලා සිටිමි."
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය රටේ තත්ත්වය පිළිබඳව සමීපව නිරීක්‍ෂණය කර වාර්තා කරන බව බැචලේ පැවසීය.










