දිවයිනම නොසන්සුන් කළ සාමකාමී විරෝධතාකරුවන්ට අගමැතිගේ ආධාරකරුවන්ගෙන් එල්ල වූ දැඩි ප්‍රහාරය

ඡායාරූප මූලාශ්‍රය, Thilina Kaluthotage
මහජන දේපල කොල්ල කන හෝ පුද්ගල හානි සිදුකරන සියලු තැනැත්තන්ට වෙඩි තැබීම සඳහා ත්‍රිවිධ හමුදාවට නියෝග කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය අඟහරුවාදා නිවේදනය කළේය.
මේ අතර රට පුරා අද ඇතිවූ කලහකාරී තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් අට දෙනෙකු ජිවිතක්ෂයට පත්වී 230 දෙනෙකුට වැඩි පිරිසක් මේ වන විට රෝහල් වල ප්‍රතිකරලබමින් සිටින බවට පොලිසිය පැවසිය.
මැයි 9 වනදා අරලියගහ මන්දීරයේ පැවති විරෝදතාවයට සහභාගිවී නැවත යමින් සිට පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයා නිට්ටඹුවේදී විරෝධතා කරුවන් සමග ඇතිවූ ආරවුලකදී වෙඩි වැදී මියගොස් ඇතැයි පොලිසිය කියයි.
එම වෙඩිවැඩීමෙන් තුවලලැබූ 27 හැවිරිදි පුද්ගලයකුද මියගොස් ඇති අතර වීරකැටිය ප්‍රාදේශීය සභාපතිවරයාගේ නිවෙස් පරිශ්‍රයේ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මරමුවට පත්වී තවත් පස් දෙනෙකුට තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.
මේ අතර ඉමදුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිවසට පැහැර දෙන අවස්ථාවේදී අසනීප වූ සභාපතිවරයා රෝහල්ගතකිර්මෙන් අනතුරුව මිය ගිය බවට පොලිසිය පැවසීය.
මීගමුවෙන් එක් මරණයක් වර්හ්ටවී ඇති අතර කඳුළුගෑස් විදින යන්ත්‍රයක් පිපිරීමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින්සිටි පොලිස් නිලධාරියකු ඇතුළු තවත් පුද්ගලයකු මියගොස් ඇති බවට රෝහල් ප්‍රකාශකයකු පැවැසීය.
පොලිස්පතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු මුළු දිවයිනටම පොලිස් ඇඳිරිනීතිය මය 9 වනදා පැනවුයේ කොළඹ ගාලුමුවදොර ගෝඨාගෝගම අරගල භූමියේ උද්ගතව වූ දැඩි කලබලකාරී තත්ත්වයක් සමගය.
ඇඳිරි නීති නියමය
මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව අද (09) රාත්‍රී 7.00 සිට බදාදා (11) උදෑසන 7.00 දක්වා බල පැවැත්වෙන පරිදි මුළු දිවයිනටම ඇඳිරි නීතිය පනවා තිබේ.
මේ අතර අඟහරුවාදා රාත්‍රියේදී ජනාධිපති මාධ්‍ය අංශය පැවසූවේ දිවයින පුරා දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය බ්‍රහස්පතින්දා (මැයි 12) පෙරවරු 7.00 දක්වා දීර්ඝ කළ බවයි.
බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදූ ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවෙකුට අවසර නැත.
ඇඳිරිනීතිය බදාදා පෙරවරු 7ට ඉවත් කළත් පොලිස් ඇඳිරිනීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
රජයේ ප්‍රබලයන්ගේ නිවාසවලට හානි
රජයේ හිටපු ප්‍රබල අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, නගරාධිපති වරුන් ඇතුළු පළාත් පාලන ආයතවල නියෝජිතයින් විශාල පිරිසකගේ නිවාසටවලට ඇතුළු දේපල රැසකට ප්‍රහාර එල්ල කරමින් ගිනි තබන බවට වාර්තා වෙයි.
අගමැතිවරයාගේ කාල්ටන් නිවස, හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ, හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, හිටපු අමාත්‍ය නිමල් ලන්සා, හිටපු අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු, හිටපු අමාත්‍ය කනක හේරත් සහ ඔහුගේ පියා උතුරු මැද පළාත් මහ ඇමැති මහීපාල හේරත්, හිටපු අමාත්‍ය ගාමිණි ලොකුගේ, හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ ඔහුගේ සොහොයුරු ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත, මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි, ගම්පහ නගරාධිපති එරංග සේනානායක, කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු තවත් අමාත්‍යවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ නිවාස රැසකට ගල් ප්‍රහාර හා ගිනි තැබීම් බීබීසීයට වාර්තා වෙයි.
මේ අතර අරලියගහ මන්දිරය ඉදිරිපිට කලහකාරිව හැසිරෙන පිරිස් එහි ප්‍රධාන ගේට්ටුව කඩාගෙන ඇතුළු වීමට උත්සහගැනීම හේතුවෙන් කිහිප විටක් පොලීසිය කඳුළුගෑස් ප්‍රහාරයක් එල්ල කලත් විරෝධතාකරුවන් දිගින් දිගටම එහි රැඳී සිටිමින් ඇතුළුවීමට උත්සහදරමින් සිටින බවට වාර්තාවෙයි.
රාජපක්ෂ යුවළගේ ස්මාරක කඩා දමයි
රාජපක්ෂ පවුලට අයත් වීරකැටිය, මැදමුලන වලවුවට, මවුපියන්ගේ ස්මාරකවලට සහ කෞතුකාගාරයට අද (මැයි 09) කලහකාරී ලෙස හැසිරුණු පිරිසක් ප්‍රහාරයක් එල්ල කළහ.පහරදී විනාශ කෙරුණු රාජපක්ෂවරුන්ගේ මවිපියන් වන ඩී.ඒ.රාජපක්ෂ සහ ධන්දිනා රාජපක්ෂගේ ස්මාරක සහ කෞතුකාගාරය ගැන පසුගිය කාලය තුළ වැඩි සමාජ අවධානයක් යොමු වුයේ ඒවා මහජන මුදල් අවභාවිත කරමින් ඒවා ඉදිකර ඇති බවට චෝදනා එල්ලවීම නිසාවෙනි.
අද රට පුරා මෙම කලහකාරී තත්ත්වයට මුලික වුයේ අගමැති නිල නිවස අවන අරලිය ගහ මන්දිරයට පැමිණි අගමැති මහින්ද රාජපක්ෂගේ ආධාරකරුවන් පිරිසක් පොලු මුගුරු රැගෙන, අරලියගහ මන්දිරය අසල මයිනාගෝගම විරෝධතාකරුවන්ට හා ගාලු මුවදොර ගෝඨාගෝගම විරෝධාකරුවන්ට පහර දී, ඔවුන් ඉදිකරන ලද විරෝධතා අට්ටාල කඩා බිඳ දැමීමත් සමග යි.
ඔවුන් ගෝඨාගෝගම පුස්තකාලයට, සෞඛ්‍ය මධ්‍යස්ථානයට හා එහි ඉදිකර තිබූ අනෙකුත් කූඩාරම්වලට හානි කර ගිනි තබා ඇතිබවට විරෝධතාකරුවන් පවසයි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
පසුව පැමිණි පොලීසිය පිරිස විසුරුවා හැරීමට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ ය. එහෙත් විරෝධතා කරුවන් චොද්නකරන්නේ පොලිසිය රජයේ විරෝධතාකරුවන් නැවැත්වීමට ප්‍රමාණවත් බලයක් නොයෙදූ බවත් කඳුළු ගෑස් සාමකාවිව අරගලයේ යෙදී සිටින ජනතාව වෙතට එල්ල කල බවට පැවසීය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට ධුරයෙන් ඉවත් නොවන ලෙස බලකරමින් අද පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයින් පිරිසක් අරලියගහ මන්දිරයට පැමිණියහ.
නමුත් මොරටුව නගරාධිපති ඇතුළු පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය දේශපාලඥයින් මෙම පිරිස සංවිධානය කරවා අරලියගහ මන්දිරය වෙත ගෙන ආ බවට සාධක ඉදිරිපත්ව තිබෙන බවට සමහර විරෝධතාකරුවන් පැවසීය.
මෙම චෝදනාව විමසීමට මොරටුව නගරාධිපතිවරයාව බීබීසී සිංහල සේවයට සම්බන්ධකරගත නොහැකි විය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2
මෙහිදී මෙම පිරිස අමතමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කියා සිටියේ පොදු ජනතාව වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමට තමා සූදානම් බව යි. එහෙත් ඔහු පැමිණ සිටි පිර්සගෙන් විමසුඅවේ තමන් ඉල්ලා අස්විය යුතුද බවයි. එහිදී පැමිණ සිටි පිරිස ඔහුට ඉල්ලා අස්නොවන ලෙස ඉල්ලා සිටියේය.
අග්‍රාමාත්‍යවරයා පිරිස ඇමතීමෙන් අනතුරුව පිටතට පැමිණි ඔවුහු, අරලියගහ මන්දිරය ඉදිරිපිට මයිනාගෝගම විරෝධාකරුවන්ට පහර දී එම අට්ටාල කඩා බිඳ දැමූහ.
අනතුරුව ඔවුන් ගාලුමුවදොර ගෝඨාගෝම පරිශ්‍රයට ද කඩා වැදී එහි ඉදිකර තිබූ අට්ටාල ද කඩා බිඳදමා, ඒවාට ගිනි තබන අයුරු දැක ගන්නට හැකිවිය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 3
පොලිස් බාධක බිඳ දමමින් ගෝඨාගෝගම අරගල භූමියට කඩා වැදුණු පිරිස විසුරුවාහැරීමට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ ය.
මේ වන විට පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව රෝහල් ප්‍රකාශකයකු සඳහන් කළේ ය.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ද අරගල භූමිය වෙත පැමිණියේ ය. ඔහු පැවසුවේ සාමකාමී විරෝධතාකරුවන්ට මෙලෙස ප්‍රහාර එල්ල කිරීම අනුමත කල නොහැකි බවයි.
සමගි ජන බලවේගයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් නොසන්සුන්තා මධ්‍යයේ ගෝඨාගෝගම අරගල භූමිය වෙත පැමිණි අතර, කළහකාරී පිරිස ඔහුට ද ගල්මුල් ප්‍රහාර එල්ල කළහ.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 4
"අගමැති විසින් උසිගන්වන ලද මේ ප්‍රචණ්ඩත්වයේ වගකීම ජනාධිපතිවරයා භාරගත යුතුයි! අපේ මිනිස්සු සමග සිටගන්නා අපිව එලවන්න බෑ,"යනුවෙන් තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රී ඉරාන්වික්‍රමරත්න පැවසුවේ තමන් ඇතුළු විපක්ෂයේ මන්තිවරුන්ට පහරදුන්නේ සාමකාමිව අරගලයේ යෙදෙන පිරිස නොව රජයේ ආධාරකරුවන් පිරිසක් බවයි.
මේ අතර පවතින නොසන්සුන් තත්ත්වය පාලනය සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු දිවයිනටම පොලිස් ඇඳිරිනීතිය පනවා ඇතැ යි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ නිහාල් තල්දූව ප්‍රකාශ කරයි.
මේ අතර ජනපති ගෝඨාභය රාජපක්ෂ ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් පැවසූවේ "සිදු කරනු ලබන ප්‍රචණ්ඩ ක්‍රියා දේශපාලන බේදයකින් තොරව තරයේ හෙළා දකිමු. ප්‍රචණ්ඩත්වය වර්තමාන ගැටලු විසඳන්නේ නැත. සන්සුන්ව සහ සංයමයෙන් කටයුතු කරන ලෙස මම සියලුම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිමි. මේ අර්බුදය විසඳීමට සියලු දෙනාම එක්ව කටයුතු කරන ලෙස මම ඉල්ලා සිටිනවා"
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 5
සාමකාමී විරෝධතාකරුවන්ට පහර දීමේ පළමු විත්තිකරු අගමැති මහින්ද රාජපක්ෂ බැවින් වහාම ඔහු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලිමක් කරන බව සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පැවසීය.
ජනාධිපති ඇතුලු ආණ්ඩුවම ඉවත් වනතෙක් මින් ඉදිරියට කිසිදු සාකච්ඡාවකට හෝ වැඩපිලිවලකට සමගි ජනබලවේගය එක් වන්නේ හෝ සහයෝගය ලබා නොදෙන බවත් ඔහු සඳහන් කළේය.
ජනාධිපති, ඇතුලු ආණ්ඩුව ඉවත් වන්නේ නම් පමණක් ජනතාව වෙනුවෙන් රට භාරගැනීමට සමගි ජනබලවේගය ඉදිරිපත් වන බවත් ජන පීඩිත රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යන තෙක් ඔවුන්ට එරෙහිව රටේ ජනතාව පාරට බස්සවා විරෝධය පළකරන බවත් ඔහු පැවසීය.
ප්‍රහාරය මානව හිමිකමි කොමිසම හෙළා දකියි
ප්‍රචණ්ඩත්වය අභිප්‍රාය බව ඉතා පැහැදිලිව ප්‍රකාශ කළ පිරිසක් විසින් සාමකාමී විරෝධතා සඳහා එල්ල කළ ප්‍රචණ්ඩත්වය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හෙළා දකිනු ලැබීය.
මෙම ප්‍රචණ්ඩත්වය සහ විනාශය වැළැක්වීමට හා කළමනාකරණය කිරීමට පොලිසිය අසමත්වීම මහජන සාමයේ බරපතල අසාර්ථකත්වයක් බව චෝදනා කළ ඔවුන්, මේ සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට අණවා සිටියි.
ගැටුම වැළැක්වීමට පොලිසිය ක්‍රියා නොකිරීම හෙළා දකින බව ද ශ්‍රී ලංකා මානව හිමිකමි කොමිසම අවධාරණය කළේ ය.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසන්නේ ගාලු මුවදොර හා අරලියගහ මන්දිරය ඉදිරිපිට සාමකාමී විරෝධතාවක නිරත වූ ජනතාවට මැර ප්‍රහාරයක් එල්ල කිරීමට අනුබලදීමෙන් වත්මන් රජය මෑත ඉතිහාසයේ ආණ්ඩුවක් විසින් කරගත් ඉතා බරපතල, අමනෝඥ ක්‍රියාවක් බවයි.











