උල් සවිකළ පොලිස් මර උගුලට සමාජයේ විරෝධය

ඡායාරූප මූලාශ්‍රය, UGC
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුන් කොළඹ පවත්වන ලද විරෝධතාව ජනාධිපති මන්දිරය දෙසට ගමන් කිරීම වැළැක්වීම සඳහා පොලීසිය විශාල ප්‍රමාණයේ ඇණ මෙන් තියුණු උල් සහිත මාර්ග බාධකයක් යොදා තිබීම දැඩි ආන්දෝලනයකට ලක්විය.
ඒ පිළිබඳ වඩාත්ම අවධානය යොමුවීමට හේතුවූයේ එහි තියුණු උල් සහිත කොටස ඉටි කොළයකින් වසා තිබීම යි.
මෙය විරෝධතාකරුවන් මර්දනය සඳහා යෙදවූ මර උඟුලක් ද යන්න සමාජමාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක්විය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විරෝධයක්
රජයේ මෙම ක්‍රියාවට සමාජ මාධ්‍ය හරහා එල්ලවූයේ දැඩි විරෝධයකි.
විවිධ තරාතිරමේ, විවිධ පසුබිම්වලින් පැමිණෙන පුද්ගලයින් මෙයට සිය විරෝධය පලකර තිබුණි.
ට්විටර් ඔස්සේ අදහස් දක්වමින් මහාචාර්ය සුනෙත් අංගම්පොඩි පෙන්වා දී තිබුණේ රාජපක්ෂ රෙජීමය සිය ම්ලේච්ඡ ක්‍රියාකාරකම් දිගටම පවත්වාගෙන යන බව යි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2
"තියුණු උල්සහිත බාධක දමලා, විරෝධතාකරුවන් එය දැනගන්නවාට ඒවා ආවරණය කරලා. මේක කරන්නේ විශ්වවිද්‍යාල සිසුන් ඉලක්කකර ගනිමින්. මේ, විරෝධතාකරුවෙකුගේ පිටට වෙඩි තබා ඝාතනය කරලා දින කිහිපයකට පසුව යි," ඔහු ප්‍රකාශකර තිබුණි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 3
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ විරෝධය
සියලුම පොදු මාර්ග අවහිර කිරීම සහ ගමනාගමනය වැලැක්වීම, ප්‍රචණ්ඩකාරී නොවන විරෝධතාවකට එරෙහිව නොගැලපෙන ප්‍රතිචාරයක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනී, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු (විශ්‍රාමික) රෝහිණී මාරසිංහ පැවසුවා ය.
විරෝධතා දැක්වීමට ජනතාවට අයිතියක් ඇති බවත්, එය මූලික අයිතිවාසිකමක් බවත් අවධාරණය කළ ඇය, පොලිසියට ගත හැක්කේ එම විරෝධතා නියාමනය කිරීමට සාධාරණ පියවර පමණක් බව ද පවසා සිටියා ය.

ඡායාරූප මූලාශ්‍රය, UGC
ඇය පෙන්වා දුන්නේ සියලුම පොදු මාර්ග වසා දැමීමේ දී පොලිසිය විසින් ජනතාවගේ ගමන් නිදහස උල්ලංඝනය කරන බව යි.
ඒ අනුව උල් සහිත සහ නුසුදුසු පරිදි යොදවා ඇති මාර්ග බාධක ඉවත් කරන ලෙස ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පොලීසියට දැනුම් දී ඇත.

ඡායාරූප මූලාශ්‍රය, UGC
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අවධානයට
කොළඹ අවට ඇතැම් මාර්ග බාධකවල උල් ඇණ වැනි යමක් සවිකොට, කළු ඉටිකොළවලින් එය ආවරණයකර තැබීමෙන් ජනතාවට බරපතල තුවාල ඇතිවීමේ අවදානම පිළිබදව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ දැඩි අවධානය යොමුවී තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය අවධාරණය කළේ, පොලිස් නිලධාරීන් විශාල පිරිසක් යොදවා තිබීම හා ගාලු මුවදොර දෙසට යොමුවන ඇතැම් මාර්ග පදිකයින්ට පවා ගමන් කළ නොහැකි අන්දමින් බාධක යොදා ආවරණය කිරීම කෙරෙහි තම අවධානය යොමුවූ බව යි.
සෑම අවස්ථාවක දීම ඉතා වගකීමෙන් හා ඉවසීමෙන් කටයුතු කරන ලෙස නැවතත් රජයෙන්, පොලිස්පතිවරයාගෙන්, සහ සියලු පොලිස් හා සන්නද්ධ හමුදා නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනබව ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
විරෝධතා දක්වන්නන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත්, සාමකාමී ලෙස විරෝධතා දැක්වීමට මහජනතාවට තිබෙන අයිතිය ආරක්ෂා කිරීමටත්, පුරවැසියන්ගේ ගමන් කිරීමේ අයිතිය සහතික කිරීමටත් ඔවුහු රාජකාරීමය වශයෙන් බැඳී සිටිති.
කුමන පාර්ශවයකින් හෝ සිදුවන කුමන ආකාරයක ප්‍රචණ්ඩත්වයක් රටට අහිතකර, බරපතල ප්‍රතිඵල නිර්මාණය කරනු ඇතැ යි ශ්‍රී ලංකා නිතිඥ සංගමය අවධාරණය කළේ ය.
කෙසේ වෙතත්, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ මෙවැනි උල් සහිත මාර්ග බාධක යෙදවීම සාමාන්‍ය බව යි.
වෙනත් රටවල ද මෙවැනි බාධක යොදවන බව ඔහු සඳහන් කළේ ය.
විරෝධතාකරුවන් මාර්ග බාධකය තල්ලුකරමින් කඩා වැදීම වැළැක්වීම සඳහා එවැනි බාධක යොදවන බව ද අදාල නිළධාරියා පැවසීය.
අන්තරේ විරෝධතාව නොනැවතී ඉදිරියට
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ විරෝධතාව ජනාධිපති මන්ධිරය දෙසට වන මාර්ගවලට ඇතුළුවීම වළැක්වීම සඳහා පොලීසිය කලින් සිටම දැඩි උත්සායක නිරත විය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 4
විරෝධතාව සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කරන්නැ යි කොටුව පොලීසීය කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කළේ ය.
මෙම විරෝධතාවයේ දී කිසිම අපරාධමය සිද්ධියක් සිදු නොකරන ලෙසට අධිකරණ නියෝගයක් නිකුත් කරන්නැ යි කොටුව පොලිසිය විසින් අංක 07 කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයහමුවට කරුණු ඉදිරිපත් කර තිබුණි.
කොළඹ ලෝටස් පාර ඇතුළු මාර්ගවලින් ජනාධිපති මන්දිරය දෙසට පිවිසීම වැළැක්වීම සඳහා පොලීසිය පෙර දිනයේ සිටම මාර්ග බාධක යොදා තිබූ අතර, ඇතැම් ස්ථිර මාර්ගබාධක ද යොදා තිබීම විශේෂ කරුණක් විය.
ඒ අතර පෙර කී තියුණු උල් සහිත මාර්ග බාධක ද යොදවා තිබුණි.
සරසවි සිසුන් අගමැති නිල නිවස වටලයි
කෙසේ නමුත් මෙම බාධක හේතුවෙන්, කොටුව දුම්රියපොළ අසලට රැස්වූ සරසවි සිසුහු කොටුව ජනාධිපති මන්දිරයට ගමන් ගන්නවා වෙනුවට කොළඹ විජේරාම පාරේ අග්‍රාමාත්‍ය නිල නිවස වෙත පා ගමනේ යෙදුනහ.
කොටුව දුම්රිය පොළ අසලින් ඊයේ (අප්‍රේල් 24) දහවල් 12ට පමණ ආරම්භ වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩල සිසුන්ගේ පා ගමන පංචිකාවත්ත, පුංචි බොරැල්ල, සහ බොරැල්ල පසු කරමින් විජේරාම මාවතේ අග්‍රාමාත්‍ය නිල නිවස දක්වා පැමිණියේ ය.
ජනාධිපති, අගමැති ඇතුළු ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින් සරසවි සිසුහු අග්‍රාමාත්‍ය නිල නිවෙස වටලා දැඩි විරෝධයක් පළ කරනු ලැබූහ.
ඇතැම් සිසුන් තාප්පය මත නැඟ විරෝධය පළ කළ අතර, නිවසේ ගේට්ටුව අසල කළු කොඩි ඔසවා විරෝධය පළ කරනු ලැබූහ. තවත් පිරිසක් විසින් නිවසේ තාප්පයේහි විරෝධතා පාඨ ලියනු ලැබීය.
ඉන් නොනැවතුණු සරසවි සිසූහූ විරෝධතා පාගමනින් ගාලුපාර ඔස්සේ ගාලු මුවදොර ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ජනඅරගල භූමියට පැමිණියහ.
උද්ඝෝෂණ අතරතුර ජන ජීවිතය පවත්වාගෙන යාමට ගතයුතු ක්‍රියාමාර්ග 07ක්
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩල සිසුන්ගේ පා ගමන වැළැක්වීමට පනවා තිබූ මාර්ග බාදක හේතුවෙන් කොළඹ කොටිවට පැමිණෙන සංචාරකයින්ද මහත් අපහසුතාවයන්ට ලක්වනු සමාජ මාධ්‍යන්හි සංසරණය වූ පිංතූර තුළින් අනාවරණය විය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 5
මේ අතරේ, උද්ඝෝෂණ පැවැත්වෙන අතරතුර ජන ජීවිතය පවත්වාගෙන යාමට ගත යුතු ක්‍රියාමාර්ග හතක් මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග එම අමාත්‍යාංශ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී තිබේ.
- ගිලන්රථ
- පාසැල් සිසු ප්‍රවාහනය
- කාර්යාල සේවක සේවිකාවන් ප්‍රවාහනය
- විදේශ ආයෝජන මත ක්‍රියාත්මක වන කර්මාන්තශාලා සේවක සේවිකාවන්ට ගමන් කිරීමට ඉඩ සැලසීම
- සංචාරකයන් ගමන් ගන්නා වාහන බාධාවකින් තොරව ගමන් කිරීමට ක්‍රියාමාර්ග ගැනීම
- පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන යාම
- අත්‍යවශ්‍ය භාණ්ඩ සේවා ප්‍රවාහනයට ඉඩ සලසා දීම
උද්ඝෝෂණ හා විරෝධතා පැවැත්වෙන අතරතුර අදාල වාහන ගමනාගමනය පිළිබඳව උද්ඝෝෂණයේ නියැලෙන්නන් හා සාකච්ඡාකොට ක්‍රියාමාර්ග ගන්නා ලෙස මහජන ආරක්ෂක අමාතවරයා විසින් දැනුම් දී තිබේ.










