පාස්කු ප්‍රහාරය : රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි කුරුසය කර තබාගෙන ගාලු මුවදොර අරගල භූමියට පැමිණෙයි
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙවි මැදුර වෙත ගිය රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි කුරුසය කර තබාගෙන අද ගාලු මුවදොර අරගල භූමියට පැමිණියේය.
අප්‍රේල් 19 දින ඔහු මේ ගමන ආරම්භ කළේ කටුවාපිටියෙනි ඒ කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැදුර වෙත අප්‍රේල් 21 වැනිදාට ළඟා වීමටයි එහෙත් ප්‍රායෝගික කරුණු මත ඔහු ශාන්ත අන්තෝනි දෙව්මැදුර වෙත ළඟා වුයේ දිනක් ප්‍රමාදවී අද පස්වරුවේයි. එහිදී අශිර්වදලබා ඉන්පසු ජෙහාන් ගාලු මුවදොර අරගල භූමියට පැමිණියේය.
මාධ්‍ය වාර්තාවන්ට අනුව මෙම කුරුසයේ බර කිලෝ 30ක් පමණ වේ.
මග දෙපස රැස්ව සිටි විශාල පිරිසක් ජෙහාන්ට සහය පළ කළහ.

