''#GOTAGOHOME'' : ''තනියම ආවේ. මම ගෙදර යන්නේ සර් ගෙදර ගිය දාට.''
කොළඹ, ගාලු මුවදොර අසළ විරෝධතාවයේ නිරත ඇතැම් පිරිස් ආරම්භක දිනයේ සිට මේ දක්වා අඛණ්ඩව දින 12ක් රැඳී සිටී.
එම අරගල භූමිය තුළ පුස්තකාලයක් ද දක්නට ලැබීම විශේෂත්වයකි. එහිදී හමුවූ මාතර සිට පැමිණි බව කියන ඒ චතුරිකා මෙලෙස පැවසුවාය.
''තනියම ආවේ. මම ගෙදර යන්නේ සර් ගෙදර ගිය දාට.''
මේ අතර ස්වේච්ඡාවෙන් පුස්තකාලයේ කටයුතු කරන කිහිපදෙනෙකුම අදහස් පළ කරන ලදී.


