රඹුක්කන දී මොකද වුණේ?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
රඹුක්කන දුම්රිය හරස් මාර්ගය අවහිර කරමින් අප්‍රේල් 19 වනදා ප්‍රදේශවාසීන් පැවැත්වූ විරෝධතාව පොලීසිය බලය යොදා විසුරුවා හැරීමේ සිද්ධිය අවසන් වුයේ නිරායුද විරෝධතාකරුවෙකුට දිවි අහිමි කරමිනි.
තෙල් මිල ඉහළ යාමට එරෙහිව 2012 පෙබරවාරි 16දා හලාවත වැල්ල ප‍්‍රදේශයේ ධීවරයෝ ගෙනගිය උද්ඝෝෂණයට පොලීසිය වෙඩි තැබීමෙන් ඇන්ටනි ප‍්‍රනාන්දු මරණයට පත්වූ අතර තවත් තිදෙනෙක් තුවාල ලැබීය එමෙන්ම කටුනායක නිදහස් වෙළෙඳ කළාප සේවක අරගලයේදී ඝාතනය වූ රොෂේන් චානක මෙන්ම, වතුර ඉල්ලා විරෝධතාවයේ නිරත වූ රතුපස්වල ජනතාවට ද තුවක්කුවෙන් බලය පෙන්වා අත්වු ඉරණම මතකයට නැඟන මෙම ප්‍රහාරය පිළිබඳ මේවන විට දෙස් විදෙස් වශයෙන් දැඩි විරෝධයක් මතුවෙමින් තිබේ.
මේ වන විට විදේශීය රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් රැසක් මෙම රඹුක්කන සිද්ධිය පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා ඇත.
රඹුක්කන විරෝධයට මුළ
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව අප්‍රේල් 18 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමනු ලැබීය. රඹුක්කන ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන ලබා ගැනීමට අප්‍රේල් 18 වැනිදා උදෑසන සිට පෝලිමේ සිටි ත්‍රිරෝද රථ ඇතුළු වාහන රියදුරන් ඉන්ධන අවසන් වීම හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව සිටි බව ප්‍රදේශවාසීන් සඳහන් කළහ.
ඒ වන විටත් ඉන්ධන බවුසරයක් කොළොන්නාවේ සිට පැමිණෙන බව ජනතාවට දැන්වීම නිසා රථ වාහන රියදුරන් අඛන්ඩව පෝලිමේ රැඳී සිට ඇත.
එහෙත් රාත්‍රියේ පැමිණෙන බව දැන්වු ඉන්ධන බවුසරය මධ්‍යම රාත්‍රිය දක්වා නොපැමිණීම හේතුවෙන් ජනතාව නොසන්සුන් වී තිබේ. බවුසරය පැමිණෙන විට මධ්‍යම රාත්‍රිය ඉක්මවා තිබු අතර පෝලිමේ සිටි ජනතාව පවසා ඇත්තේ බවුසරය මධ්‍යම රාත්‍රීය ඉක්මවා පැමිණියද පැරණි මිලට ඉන්ධන ලබා දෙන ලෙසයි.
එය ඉටු නොවූ නිසා ජනතාව දුම්රිය හරස් මාර්ගයේ බවුසරය නවතා විරෝධතාවේ නිරත වු බව ප්‍රදේශවාසීන් සඳහන් කළේය.
ඊයේ (අප්‍රේල් 19) උදෑසන වින විට තත්ත්වය තවත් තිව්‍ර වූ අතර විරෝධතාවට නන්දෙසින් ජනතාව පැමිණෙන්නට විය.
රේල් පිලි සහ සිල්පර කොට යොදා ඔවුන් දුම්රිය මාර්ගය අවහිර කිරීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට ද බාධා මතුවිය.
නගරයේ කඩ සාප්පු හා වෙළෙඳ සැල් වසා දමා තිබු අතර විරෝධතාකරුවන් ප්‍රධාන මාර්ග ද අවහිර කර තිබුණි.
පොලීසිය පැවසුවේ, දුම්රිය මාර්ගය හරස්කර සිටි පිරිස විසුරුවා හැරීමට ඊයේ සවස කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ බවයි. එහිදී විරෝධතාකරුවන් පොලීසියට ගල්මුල් ප්‍රහාර එල්ල කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේය.
ඔහු කියා සිටියේ එහිදී පොලීසියට වෙඩි තැබීමට සිදුවු බවයි.
වෙඩි තැබීමෙන් එක් විරෝධතාකරුවෙකු මිය ගිය අතර තවත් සිවිල් වැසියන් 13 දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය සඳහන් කළේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ සිද්ධියෙන් පොලිස් නිලධාරීන් 20 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
ඉන් 14 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර රෝහල වෙත යවා ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා සඳහන් කළේය.
කළහාකාරී ලෙස හැසිරුණු පිරිස ත්‍රිරෝධ රථයකට ගිනි තබා, ඉන්ධන බවුසරයකට ද ගිනිතැබීමට තැත්කළ අවස්ථාවේදී බැටන් ප්‍රහාර එල්ල කර ඔවුන් විසුරුවා හැරීමට තැත්කළ බව පොලිස්පති සී.ඩී වික්‍රමරත්න පවසා සිටියේය.
බවුසරය ගිනි ගැනීම වැළැක්වීම සඳහා ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන්ට ද ඔවුන් වටකර පහර දීම නිසා එම නිලධාරීන්ගේ ජීවිත සහ බවුසර් රථය ගිනි ගැනීමෙන් සිදුවිය හැකි හානිය වැළැක්වීම සඳහා අවස්ථාවට උචිත පරිදි අවම බලය පාවිච්චි කිරීමට සිදුවූ බව පොලිස්පතිවරයා සඳහන් කළේය.
මුල් අවස්ථාවේදී අහසට වෙඩි තැබීම මගින් කළහකාරී පිරිස පාලනය කිරීමට උත්සහ කළද ඔවුන් පාලනය නොවූ බැවින් දණහිසෙන් පහළට වෙඩිතැබීමට නියෝග කරමින් පිරිස විදුරුවා හැරීමට පොලිස් නිලධාරීන් කටයුතු කර ඇති බවද පොලිස්පතිවරයා පැවසීය.
පොලිස් නිලධාරීන් මෙහිදී බලය ඉක්මවා කටයුතු කර ඇද්ද යන්න සම්බන්ධව පොලිස් මූලස්ථානය මගින් විමර්ශනයක් කරන බවද පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් පවසා සිටියේ ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරයෙකු, අමාත්‍යංශ අතිරේක ලේකම්වරයෙකු , ආරක්ෂක අමාත්‍යංශයේ නීති උපදේශක ඇතුලු මණ්ඩලයක් පත් කිරීමට පියවර ගෙන ඇති බවයි.
සාමය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසත්, ප්‍රචණ්ඩකාරී ක්‍රියා සහ කළහකාරී ක්‍රියා වලින් වලකින ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
විරෝධතාකරුවන්ට වෙඩි තැබීමට එරෙහිව දැඩි විවේඡන
ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන ටුවිටර් පනිවිඩයක් නිකුත් කරමින් මෙලෙස විමසා තිබුණි.
"ජනතාව ප්‍රචණ්ඩකාරී ලෙස සහ පොදු දේපළවලට හානි කළේ නම් ඔවුන් අත්අඩංගුවට ගත හැකි නමුත් ඔවුන්ට වෙඩි තැබීම නිදහසට කරුණක් නොවේ. මේකද ප්‍රජාතන්ත්‍රවාදය? මේකද රටේ නීතිය? මෙයට වගකිවයුත්තන් කවුරුන් වුව ද යුක්තිය ඉදිරියට ගෙන යා යුතුය... ශ්‍රී ලංකා පොලිසිය ගැන ලැජ්ජයි"
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ටුවිටර් පනිවිඩයක් නිකුත් කරමින් පවසා තිබුණේ ප්‍රචණ්ඩත්වය ප්‍රශ්න විසඳීමේ විසඳුම නොවන බවයි.
"අප කුමන පැත්තක සිටියත්, ප්‍රචණ්ඩත්වය කිසිවක් විසඳීමේ මාර්ගය නොවන බව අපි කවුරුත් එකඟ විය යුතුය! ප්‍රචන්ඩත්වය අපේ රට ඕනෑ තරම් දැක ඇත! අපි ඕනෑම කැප කිරීමකින් සාමය ආරක්ෂා කළ යුතුයි! ප්‍රචණ්ඩත්වයට නොයන ලෙසත් මෙය තවදුරටත් වර්ධනය වීම නවත්වන ලෙසත් මම බලධාරීන්ගෙන් සහ විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටිමි!"
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2
එක්සත් ජාතීන්ගේ සංවිධානය දැඩි කනස්සල්ලට පත්වෙයි
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක හැනා සිංගර් සඳහන් කළේ, "රඹුක්කන ප්‍රදේශයේ විරෝධතාකරුවන්ට හානි සිදුවී ඇති බවට වාර්තා වීම ගැන දැඩි කනස්සල්ලට පත්වන බවයි. ඕනෑම පාර්ශ්වයක ප්‍රචණ්ඩත්වය සියලුම සාමකාමී විරෝධතාකරුවන්ගේ අයිතිවාසිකම්වලට බාධා කරන" බව ඇය කියා සිටියාය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 3
කොළඹ බ්‍රිතාන්‍යය මහකොමසාරිස්වරිය විනිවිද පෙනෙන පරීක්ෂණයක් ඉල්ලයි
කොළඹ බ්‍රිතාන්‍යය මහකොමසාරිස් සාරා හල්ටන් ටුවිටර් පනිවිඩයක් තබමින් කියා සිටියේ "රඹුක්කන ප්‍රදේශයේ උද්ඝෝෂණ වලින් ජීවිත හානි සිදුවීම ගැන අසන්නට ලැබීම ගැන මම බලවත් ශෝකයට පත් වෙමි. ස්වාධීන හා විනිවිද පෙනෙන පරීක්ෂණයක් අත්‍යවශ්‍යයි. මම සෑම ආකාරයකම ප්‍රචණ්ඩත්වය හෙළා දකින අතර සංයමයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමි. සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතිය ආරක්ෂා කළ යුතුයි."
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 4
ඇමරිකාව රඹුක්කන වෙඩිතැබීම හෙළාදකියි
"රඹුක්කන ප්‍රදේශයෙන් ඇසෙන බිහිසුණු පුවත ගැන මම බලවත් ශෝකයට පත් වෙමි. විරෝධතාකරුවන්ට හෝ පොලිසියට එරෙහි ඕනෑම ප්‍රචණ්ඩත්වය මම හෙළා දකින අතර සෑම පැත්තකින්ම සංයමයෙන් සහ සන්සුන්ව සිටින ලෙස ඉල්ලා සිටිමි. පූර්ණ විනිවිද භාවයෙන් යුත් පරීක්ෂණයක් අත්‍යවශ්‍ය වන අතර සාමකාමී විරෝධතා දැක්වීමට ජනතාවගේ අයිතිය තහවුරු කළ යුතුය," යනුවෙන් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී ජූලි චුන්ග් තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පැවසිය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 5
ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතුයි
රඹුක්කන ප්‍රදේශයේ සිදු වූ සිද්ධියෙන් සිදුවූ ජීවිත හානි පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය කම්පනයට සහ කණගාටුවට පත් වඇති බවට එම සංගමය පවසයි.
මේ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු අතර, විරෝධතාකරුවන්ගේ සැබෑ දුක්ගැනවිලි සැලකිල්ලට ගනිමින් පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ඉතා සංයමයකින් ක්‍රියා කරන බවට රජය සහතික විය යුතු බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.
"2022 ජනවාරි මස තරම් ඈත කාලයකදී අප විසින් කරන ලද පූර්ව අනතුරු ඇඟවීම් බලධාරීන්ගේ අවධානයට ලක් නොවීම ගැන අපි කනගාටු වෙමු," ශ්‍රී ලංකා නීතිඥ සංගමය පැවසීය.
"මේ රටේ ජනතාවගේ අයිතීන් සුරැකීමට අපේ සාමාජිකයන් උපරිමයෙන් කටයුතු කරන බවද නීතිඥ සංගමය සඳහන් කළේය."
මේ අතර හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල රඹුක්කන සිද්ධිය හෙලා දකිමින් ටුවිටර් පනිවිඩයක සටහන් කර තිබුණේ, "ආණ්ඩුව ජනතාව මත පැට වූ ජීවන බර නිසාවෙන් මහ මග ජීවිතය යදින ජනතාව වෙඩි තබා මරා දැමීම පිලිකුලෙන් හෙලා දකින" බවයි.
රඹුක්කන ප්‍රදේශයේ සිදු වූ ප්‍රචණ්ඩත්වය පිළිබඳව දැඩි කනස්සල්ලට පත්ව ඇතැයි විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.











