ආර්ථික අර්බුදය ; ගාලු මුවදොර පිටියෙන් ඇසුණු හඬ ''GOTA GO HOME''

වීඩියෝ ශීර්ෂ වැකිය, ගාලු මුවදොර පිටියෙන් ඇසුණු හඬ ''GOTA GO HOME''
Published

ජනාධිපතිවරයා සහ ආණ්ඩුව වහාම ඉවත් විය යුතු බව පවසමින් අද (අප්‍රේල් 09) කොළඹ, ගාලු මුවදොර පිටියේ පැවති විරෝධතාවට වැඩි වශයෙන් විශ්වවිද්‍යාල සිසුන්, තරුණ තරුණියන් සහ වෘත්තිකයන් සහභාගී වූ බව සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තාකර තිබේ.

මෙම විරෝධතාවය නම් කර තිබුණේ නිර්පාක්ෂික ජනතා අරගලය ලෙසයි.

ඊට සහභාගී වූ අයට ජලය සහ ආහාර ලබා දීමට මෙන්ම ප්‍රතිකාර කිරීමට ද ස්වේච්චාවෙන් බොහෝ පිරිසක් ඉදිරිපත් වී සිටියහ.

ඔවුන් එක හඬින් කියා සිටියේ ''GOTA GO HOME'' ලෙසයි. එහෙත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ධූරය අත් හැරීමේ සුදානමක් නැතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගිය දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.