අලි පැටියාට හිරිහැර කළ ජිප් රියදුරුට ලක්ෂ දෙකක දඩයක්

ඡායාරූප මූලාශ්‍රය, TikTok/shashikagimhanda
පසුගිය දා ත්‍රිකුණාමල - හබරණ මාර්ගයේ හබරණ ප්‍රදේශයේ දී අලි පැටියකුට විදුලි එළි දල්වමින් හිරිහැර කළ ජීප් රථ රියදුරාට රුපියල් ලක්ෂ දෙකක දඩයක් නියම කෙරිණි.
ඒ, වනජීවී නිලධාරීන් විසින් සැකකාර රියදුරු අත්අඩංගුවට ගෙන කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යි.
සැකකාර රියදුරා විසින් අලි පැටවාට හිරිහැර වන අයුරු දැක්වෙන වීඩියෝවක් ටික්ටොක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ පළවීමත් සමග පරිශීලකයින් විශාල පිරිසක් සිද්ධිය විවේචනය කළහ.
ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ වගකිව යුතු රියදුරාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස යි.
ත්‍රිකුණාමලය - හබරණ හරහා සිගිරීය මාර්ගය වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ වනජීවී අපරාධ සිදුකිරීමට තහනම් මාර්ගයක් ලෙස 1938 දී ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර ඇත.
මින්නේරිය ජාතික උද්‍යාන භාරකරු ඇතුළු වනජීවී නිලධාරින් විසින් සිදුකරන ලද මෙහෙයුමකින් කැකිරාවේ පදිංචිකරුවකු වන සැකකාර රියදුරු අත්අඩංගුවට පත්විය.
සත්ත්ව අයිතිවාසිකම් සහ පරිසරය සුරැකීමේ සංවිධානයක් වන RARE මෙම සිද්ධිය සම්බන්ධයෙන් ෆේස්බුක් සටහනක් තබමින් දක්වා තිබුණේ, "ශ්‍රී ලංකාවේ වන අලින්ට හිරිහැර කරන නීති විරෝධී රාත්‍රී සෆාරි රියැදුරෙක්. වන අලියෙකුට සමච්චල් කිරීම විහිළුවක් යැයි සිතන මෝඩයෙක්! වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුට එරෙහිව වහා පියවර ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු!" යනුවෙනි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
තවත් පරිසර සංවිධාන කිහිපයක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හඬනැඟූ අතර අවසානයේ සැකකාර රියදුරුට අත්අඩංගුවට පත්විය.
සමාජ මාධ්‍ය රැල්ල
පාරිසරික ක්‍රියාකාරිකයෙකු වන නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන මෙසේ කියා සිටියේ ය: "සත්ව හිංසනය සම්බන්ධයෙන් දඬුවම් දීපු අවස්ථා තියෙනවා. හැබැයි මෑතක දී පනවපු ලොකුම දඩය තමා මේක."
මෙවැනි හැසිරීම් සමාජ මාධ්‍යවලින් හෙළිදරව් කර මෙම සිද්ධිය පිළිබඳ හඬ නැඟීම හොඳ ප්‍රවණතාවක් බව ද ඔහු පවසා සිටියේ ය.
මෙහි අන්තර්ගතය නැත
වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.End of Facebook post









