අලි බබාලා ; පින්නවලදී උපන් නිවුන් අලි පැටවුන්ට නම් තැබීමේ මංගල්‍යය
පින්නවල අලි අනාථාගාරයේ උපත ලැබු පළමු නිවුන් අලි පැටවුන්ට නම් තැබීම අද උත්සවාකාරයෙන් සිදු කෙරුණා.
එම පැටවුන් 'දිසා' සහ සජ්ජන යන නම් කළ බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්, ශර්මිලා රාජපක්ෂ පැවසුවාය.
පින්නවල අලි අනාථාගාරයේ උපත ලැබූ පළමු නිවුන් පැටවුන් ලෙස ඉතිහාසගත වෙමින් 2021 අගෝස්තු 31 වැනිදා මේ අලි පැටවුන් උපත ලබා තිබුණි.
මෙම නිවුන් පැටවුන් දෙදෙනාට අමතරව තවත් පැටවෙකුට අද 'නීලමනී' යන නම තබා තිබේ.
මෙම තොරතුරුද දැනගන්න: