ශ්‍රී ලංකාව : පින්නවල අලි අනාථාගාරයේ පළමු නිවුන් අලි උපත

වීඩියෝ ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාව ; පින්නවල අලි අනාථාගාරයේ පළමු නිවුන් අලි උපත

පින්නවල අලි අනාථාගාරයේ පළමු නිවුන් අලි උපත අද වාර්තා විය.

එම පැටවුන් දෙදෙනාම හොඳ සෞඛ්‍ය තත්වයෙන් සිටින බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් රේණුකා බණ්ඩාරනායක බීබීසී සිංහල සේවයට පැවසුවාය.

පැටවුන් දෙදෙනාම පිරිමි සතුන් ය.

ශ්‍රී ලංකාවේ ගෘහස්ථ අලි අතර නිවුන් අලි පැටවුන් උපත ලද බවට වාර්තා වෙන දෙවන අවස්ථාව මෙය වේ.

මිට පෙර, 1941 දෙසැම්බර් 11 වැනිදා බලන්ගොඩදී බාන්ස් රත්වත්තේ පවුල සතු කෙනෙරක් නිවුන් පැටවුන් බිහිකර ඇති බව අලි පිළිබඳ පර්යේෂකයෙකු වන ජයන්ත ජයවර්ධන බීබීසී සිංහල සේවයට පැවසීය.

මෙම තොරතුරුද දැනගන්න: