සංචාරකයන් අතර කොරෝනා ආසාදිතයන්: කෝවිඩ් වසංගතය මැද ශ්‍රී ලංකාවට සංචාරකයන් ගෙන්වීම ගැන මහජන කෝපය

මත්තල ගුවන් තොටුපොළට ලඟා වූ යුක්රේන සංචාරකයෝ (Ukraine passengers arrive at Mattala Rajapaksa International Airport, in Mattala on December 28, 2020. - Sri Lanka welcomed its first foreign tourists in nine months on December 28 even as a new deadlier strain of the coronavirus gripped the island. )

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, දෙසැම්බර් 28 වෙනි දින මත්තල ගුවන් තොටුපොළට ලඟා වූ යුක්රේන සංචාරකයෝ

ලොව පුරාම රටවල් ගණනාවක කොරෝනා වසංගතයේ භයානක අලුත් ප්‍රභේදයක් ද සීඝ්‍රයෙන් පැතිර යමින් තිබියදී ශ්‍රී ලංකාව සංචාරකයන් යළි ගෙන්වා ගැනීම ගැන වෛද්‍යවරුන් ඇතුළු රටවැසියන්ගෙන් විරෝධය පළවෙමින් පවතී.

වෛද්‍ය විශේෂඥයන් ඇතුළු බොහෝ දෙනා සමාජ මාධ්‍ය ඔස්සේ ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙත විවේචනයට ලක් කොට තිබුණේ පසුගිය සඳුදා (දෙසැම්බර් 28) මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ශ්‍රී ලංකාවට ලඟා වූ යුක්රේන ජාතික සංචාරකයන් 186 දෙනා අතරින් තිදෙනෙකුට කෝවිඩ්19 ආසාදනය වී ඇතැයි අනාවරණය වීමෙන් අනතුරුවය.

පසුගිය මාර්තු 19 වෙනි දින සංචාරකයන් සඳහා ගුවන් තොටුපොල වසා දැමීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට සංචාරකයන් ලඟා වූ පළමු අවස්ථාව එය විය.

විශේෂයෙන්ම, මැද පෙරදිග ඇතුළු රටවල කොටු වී සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සති දෙකක නිරෝධායන කාලයක් ඇතුළු දැඩි නීති පනවන ශ්‍රී ලංකා බලධාරීන්, විදේශික සංචාරකයන් සම්බන්ධයෙන් ඉතා ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ද විවේචනයට ලක් වී තිබේ.

යුක්රේන සංචාරකයන් තිදෙනෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි අනාවරණය වීම පිළිබඳව 'ට්විටර්' ඔස්සේ අදහස් දක්වමින් වෛද්‍ය රවි රන්නන්-එලිය පවසා තිබුණේ, එය "පැහැදිලිවම බලාපොරොත්තු විය හැකිව තිබූ" තත්වයක් බවය.

ඔහු සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ (Institute for Health Policy) විධායක අධ්‍යක්ෂවරයාය.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

ගුවන් යානයට නගින විට සංචාරකයන් පිරිසගේ PCR පරීක්ෂණ ප්‍රතිඵල 'නෙගටිව්' බව මුල් පණිවුඩයේ සඳහන් කරන වෛද්‍ය රවි රන්නන්-එලිය පසුව එය නිවැරදි කරමින් පවසන්නේ, සංචාරක අමාත්‍යාංශය නිකුත් කළ විධිවිධාන ප්‍රකාර ගුවන් යානයට නගින විට පීසීආර් පරීක්ෂණයක් පැවැත්වීම පවා අත්‍යවශ්‍යව නොතිබුණ බවය.

යුක්රේන විදේශිකයන්ට කොරෝනා ආසාදනය වීම ගැන ප්‍රතිචාරය පළ කරමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ කේන්ද්‍රයේ වෛද්‍ය දිනුකා ආරියරත්න, ශ්‍රී ලංකාව මෙලෙසින් සිය රටවැසියන් සඳහා භාවිත කළ යුතු නිරෝධායන සහ පරීක්ෂා කිරීමේ සම්පත් "අපතේ යවන්නේ" මන්දැයි විමසා තිබිණ.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

ට්විටර් ඔස්සේ අදහස් දක්වමින් රෙහානා තව්ෆීක්, සංචාරක අමාත්‍යාංශය වෙත ප්‍රශ්නයක් යොමු කර තිබුණාය.

ඇය විමසන්නේ, "සිදුරු සහිත බුබුලක් ඔබ හඳුන්වන්නේ කොහොමද?" යනුවෙනි.

Skip X post, 3
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 3

සංචාරක කර්මාන්තයේ නියැලී සිටින ආචාර්ය අරුණ අබේගුණවර්ධන බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින්, මීට සති දෙකකට ප්‍රථම තමන් ජර්මනියේ සිට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ කටාර් ගුවන් සේවය සලසා තිබුණ සෞඛ්‍යාරක්ෂක විධිවිධාන පැහැදිලි කළේය.

"ප්ලේන් එකට නගින්න කලින් ඒගොල්ල දෙනවා මූණට දාගන්න ආවරණයක්. ඊට අමතරව ඉහළම මට්ටමේ අත් ආවරණ දෙනවා. එම උපකරණ පැළඳීම අනිවාර්යයි. හරියට අපි හඳට යනවා වගේ ඇඳගන්න ඕන. ඉහළම මට්ටමේ 'සැනිටයිසර්' දෙනවා. ගොඩ බහින්න කලින් අපේ මුහුණු ආවරණ එකතු කරලා අලුත් මුහුණු ආවරණ දෙනවා," ආචාර්ය අරුණ අබේගුණවර්ධන විස්තර කළේය.

"එහෙම ඇවිත් අපි සති දෙකක් නිරෝධායනේ ඉන්නවා. මම දන්නවා ලංකාවේ සමහරුන්ට අම්ම, තාත්තගේ මළගෙදරවත් යන්න දුන්නේ නෑ නිරෝධායනේ නැතුව. ඒත් සංචාරකයන්ට විතරක් දවස් හතකට පස්සේ 'Travel Bubble' කියල රට පුරා ඇවිදින්න පුළුවන්."

මෙලෙස ශ්‍රී ලංකා ආණ්ඩුව ශ්‍රී ලාංකිකයන්ට එක් නීතියකුත් විදේශිකයන්ට තවත් නීතියකුත් ක්‍රියාත්මක කරන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කරයි.

"අපි ශ්‍රී ලාංකිකයෝ ලංකාවට ආවම අපිට හෝටල් කාමරේ උළුවස්ස ගාවට විතරයි එන්න දෙන්නේ. ඒත් අද ටීවී එකේ පෙන්නුවා යුක්රේන සංචාරකයන් මුහුදේ නානවා, හමුදාව තුවක්කු තියාගෙන වැල්ල අයිනේ ඉන්නවා."

පසුගිය මැයි මාසයේ මාලදිවයිනේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් පිරිසක්

ඡායාරූප මූලාශ්‍රය, High Commission of Sri Lanka/ Maldives

ඡායාරූප ශීර්ෂ වැකිය, පසුගිය මැයි මාසයේ මාලදිවයිනේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් පිරිසක්

මේ විවේචන සම්බන්ධයෙන් කරුණු විමසීම පිණිස සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඇමතූ අවස්ථාවේ අමාත්‍යවරයා කාර්ය බහුල බව දැනගැනීමට ලැබිණ.

යුක්රේන සංචාරකයන් පිරිස ළඟාවීමට ප්‍රථම මත්තල ගුවන් තොටුපොළේ දී මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ, ජනවාරි 24 දින දක්වා මෙම සංචාරක නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවය.

රුසියානු සමූහාණ්ඩුවට අයත් රටවලින් සංචාරකයන් 2580ක් මෙරටට පැමිණීමට නියමිත බව සඳහන් කළ අමාත්‍ය ප්‍රසන්න රණතුංග වැඩිදුරටත් කියා සිටියේ, 'සංචාරක බුබුල' (Travel Bubble) සංකල්පය යටතේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව එය ක්‍රියාත්මක වන බවය.

"ඒ වගේම සංචාරකයන්ට රට නැවත විවෘත කිරීම සමඟ සංචාරක පොකුරු ඇතිවේවි යැයි කිසිවෙකු බිය විය යුතු නෑ."

හඳුනාගත් කලාපයක සංචාරකයන්ට නවාතැන් සැපයෙන අතර, ඔවුන් සහ ප්‍රදේශවාසීන් අතර කිසිදු සම්බන්ධයක් ඇති නොවන පරිදි මෙය සැලසුම් කර ඇති බවත් පැවසූ අමාත්‍ය රණතුංග, "සංචාරකයන්ට රට යළි විවෘත කිරීම නිසා විදෙස්ගත ශ්‍රමිකයන් ගෙන්වීමේ කටයුතු අඩාල වන්නේ නෑ. සංචාරකයන් ආවත් අපේ ප්‍රමුඛතාව මව්බිම ඒමට සිටින අපේ ජනතාවටයි," යනුවෙන්ද සඳහන් කළේය.

කියවන්න: