"අපිත් මිනිස්සු, අපි ගැනත් පොඩ්ඩක් බලන්න. ගෙදර හිටිය නම් අපි කොත්තමල්ලි බොනවා, මෙතන දොස්තර කෙනෙක්වත් නෑ"

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, රංග සිරිලාල්
- Role, BBC සිංහල
"අපිත් මිනිස්සු, අපි ගැනත් පොඩ්ඩක් බලන්න. කවුරුවත් අපි ගැන බලන්නේ නෑ. පැනඩෝල් පෙත්තක් දෙන්නවත් කවුරුවත් නෑ. ගෙදර හිටිය නම් මීට වඩා දෙයක් කරන්න පුළුවන්. ගෙදර හිටිය නම් අපි කොත්තමල්ලි බොනවා, දුම් අල්ලන්න පුළුවන්. මෙතන දොස්තර කෙනෙක්වත් නෑ. අපි ගැන බලන්න නැත්නම් අපිව ගෙදර යවන්න. නැත්නම් අපිව මෙතන මරල දාන්න," යනුවෙන් පෑලියගොඩ මාළු වෙළෙඳපොලේ සිට නිරෝධායනය සඳහා රැගෙන ගිය පිරිසක් සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කළ වීඩියෝ පටයක සඳහන්ව තිබිණ.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
ශ්‍රී ලංකාව තුළ 22 වන කොරෝනාවෛරසය ආසාදිත මරණය වාර්තා වූ බව සඳුදා (නොවැම්බර් 02) බලධාරීහු නිවේදනය කළහ. සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, සිය දිවි හානිකරගෙන තිබූ එම 27 හැවිරිදි පුරුෂයා කෝවිඩ් -19 ආසාදිතයෙකු බව අනාවරණය වූ බවය.
එහෙත් සිය දිවි නසාගත් පුද්ගලයෙකු කොරෝනාවෛරසය හේතුවෙන් මියගියේ යයි නිගමණය කරන්නේ කෙසේ දැයි මාධ්‍යවේදිනී මුන්සා මුෂ්ටාක් ප්‍රශ්න කර තිබුණි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2
මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 11,060 දෙනෙකු වාර්තා වී ඇත.
පසුගියදා මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ පුද්ගලයෙකු කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුවත් දින ගණනක් යන තුරු ඔහු රෝහලක් හෝ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙතට ගෙන යාමට බලධාරීන් කටයුතු නොකිරීම නිසා එම පුද්ගලයාට නිවසේ ඉදිරිපිට නවතා තිබූ ත්‍රිරෝද රථයක දින තුනක් ගතකිරීමට සිදු වූ බවය.
ගම්පහ පදිංචි හසාන් චානක පෙරේරා බීබීසී සිංහල සේවය සමග පැවසුවේ තම බිරිඳ කොරෝනා ආසාදිතයකු බවට සෙනසුරාදා දැනුම් දුන්නත් නිරෝධායනය පිණිස ඇය රැගෙන ගියේ ඉරිදා දහවල් වරුවේ බවය.
"මගේ බිරිඳ ඉරිදා දහවල් දෙකට විතර ඇම්බියුලන්ස් එකකින් ඇවිත් ගෙනිච්චා. එයාව මුලින්ම කඩවතට ගෙනිහින් එතනින් බස් එක්ක මාතරට ගෙනිහින් තියෙනවා. එයාව මාතරට ගෙනියනකොට රැ 10.30 විතර වෙලා තියෙනවා. එතන හොස්පිටල් එකක් එකේ කෑම එහෙම හොඳයි කියල එයා කිව්වා. තැනත් පිරිසිදුයි කිවුවා," හසාන් චානක පෙරේරා පැවසීය.

කියවන්න:

පසුගියදා තවත් මාධ්‍ය වාර්තාවක් පැවසුවේ තම මවට කොරෝනා ආසාදනය වීමෙන් අනතුරුව ප්‍රතිකාර සඳහා රැගෙන යාමත් සමග හෝමාගම ප්‍රදේශයේ තම නිවසේ තනි වූ මානසික ආබාධයකින් පසුවූ තරුණයකු සිය දිවි හානි කරගෙන ඇති බවය. සෞඛ්‍ය බලධාරීන් වගකීම් විරහිතව කටයුතු කිරීම හේතුවෙන් එම තරුණයාගේ ජීවිතය අහිමි වූ බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.
ප්‍රදේශවාසීන් පැවසුවේ, මෙම දරුවාගේ තත්වය සලකා දරුවා ද මව සමගම රැගෙන යන ලෙස ප්‍රදේශයේ සෞඛ්‍ය පරීක්ෂක වරයාගෙන් ඉල්ලා සිටියත් ඔහු එය ප්‍රතික්ෂේප කළ බවයි.
'කන්න දෙන්නේ සම්බෝලයි බතුයි'
මුල් අවදියේ දී ශ්‍රී ලංකාව කොරෝනාවෛරසය පාලනයකින් යුතුව කළමනාකරණය කරන රටවල් අතර ඉහලින් ම සිටියත් ඔක්තෝබර් තුන්වනදා දිවුලපිටියේ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවිකාවකට කොරෝනා අසාදනය වී ඇති බවට අහඹු ලෙස ගම්පහ රෝහලේ සිදු කළ පරීක්ෂණයකින් හෙළිවීමෙන් අනතුරුව මේ වන විට රෝගය රට තුළ පැතිරෙමින් පවතී. ඒ සමගම කොරෝනාවෛරස ආසාදිතයන් ට හා ඔවුන්ගේ ආශ්‍රිතයන්ට සලකන ආකාරය පිළිබඳව විවේචන එල්ල වෙමින් පවතී.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"අපි ඇවිත් අදට දවස් 28ක් වෙනවා පොසිටිව් වෙලා ගෙනාවේ. අපි අහද්දී කියන්නේ රිපොර්ට්ස් එන්නේ නෑ, රිපොර්ට්ස් එන්නේ නෑ කියල. කෙමිකල් නැහැයි කිව්වා, මැෂින් කැඩිලා කිව්වා අපිව ගෙදර යවන්නේ නෑ," යනුවෙන් මාතර රෝහලක සිටින දිවුලපිටියේ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවිකාවක් බීබීසී සිංහල සේවය සමග පැවසීය.
"අපිට කන්න දෙන්නේ රෑට සම්බෝලයි බතුයි. උදේට පරිප්පුයි ලුණුමිරිස් එක්ක බත්. බෙහෙතක් දෙන්නේ නෑ. දෙන්නේ පැනඩෝලුයි විටමින් සීයි, බිකෝයි විතරයි. එතකොට ගැස්ටික් අයට කරලක් දෙනවා. පාන් කන්නැති අය ඉන්නවා ඒත් පාන් දෙනවා. එතකොට ගැස්ටික් වැඩිවෙනවා. ලුණු මිරිසුයි බතුයි කාල මනුස්සයෙක්ට ඉන්න පුළුවන්න්ද? ප්‍රතිශක්තිකරණය එනවද? අනිවාර්යයෙන් කොරෝනා හැදිලා මැරෙනවා මේක ඇතුලේ හිටියොත් නම්."
ඇය පැවසුවේ කොරෝනාවෛරස ආසාදිත පුද්ගලයන් රෝහල්වලින් පැන යාම සාධාරණ බවත් ඔවුනට සලකන ආකාරයෙන් ඒ පිළිබඳව තේරුම් ගත හැකි බවත්ය. මේ චෝදනා පිළිබඳව විමසීමට බීබීසී සිංහල සේවය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ හමුදාපතිවරයා ඇමතීමට උත්සහ දැරුවත් ඔවුහු දුරකතන ඇමතුම්වලට ප්‍රතිචාර නොදැක්වූහ.
"අපි ඉස්සල්ලම මෙහෙ පීඑච්අයි ට කතා කළාම කිව්වා අපේ ෆැක්ටරි එකෙන් කිසිම දෙයක් එවන්නේ නැහැ මෙයාලගේ සල්ලි වලින් තමයි දෙන්නේ කියල. ඊට පස්සේ අපි පේ බ්‍රැන්ඩික්ස් එකේ එච්ආර් එකේ ඉන්නවා ප්‍රියංකා කියල මිස් කෙනෙක් එයාට කතාකරල කිව්වහම කිව්වා පුතේ හැමදෙයකටම වියදම් දරන්නේ අපි තමයි උදේටයි, රෑටයි කෑමට අපි තමයි සල්ලි ගෙවන්නේ කියල ඒ සැණින්ම අපි පීඑච්අයි ට කතා කරපුවහම අපිට කියනවා ඔයාල කෑ ගහන්න එපා බ්‍රැන්ඩික්ස් එක රටටම කෙලෝල ආවේ. ඔයාල කෑගහන්න එපා කොටි මෙයිට වඩා හොඳයි කියල," ඇය පැවසීය.
"ඒ පීඑච්අයි රජයෙන් පඩි ගන්නේ බ්‍රැන්ඩික්ස් එකෙන් ගෙවන බදු මුදල් වලින් තමයි නේද එහෙම කතා කරන එක වැරදියි. මේක බ්‍රැන්ඩික්ස් ස්ටාෆ් එකෙන් උන වැරැද්දක් කියල අපි දන්නවා එත් බ්‍රැන්ඩික්ස් එකේ නමට කැළලක් කරන්න අපි කැමති නැහැ. මොකද අපි ආයේ රස්සාව කරන්න ඕන ඒ ආයතනයේ අපේ පවුල් ජීවත් වෙන්නේ ඒ ආයතනය නිසා අපිට ඕන මෙතනින් ගෙදර යන්න අපේ ගෙවල්වල ළමයි, මිනිස්සු දෙමවුපියෝ තැන් තැන්වල අතරමං වෙලා ඉන්නේ. අපේ මිනිස්සු රණ්ඩු වෙනව අපිත් එක්ක."
ඇය තවදුරටත් පැවසුවේ "මෙතන වෙන්නේ තනිකරම වංචාවක්, ප්‍රෝඩාවක්. කවුරු මාටියා ගහනවද කියල අපි දන්නේ නෑ. අපේ බ්‍රැන්ඩික්ස් එක විකුණගෙන රජය කනවා. ඉරිදට ඩීජේ ගහනවා ස්ටාෆ් එකේ අය හොඳට බීල නටනවා. අපි වඳුරෝ වගේ ජනේලෙ එල්ලිලා ඉන්නව. අපිට ඕන ගෙදර යන්න."
තවත් ලිපි:










