ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පාර්ලිමේන්තු සැසිය ඇරඹුණු දා නවක මන්ත්‍රීවරයෙකුගේ පිම්මක්
අටවෙනි පාර්ලිමේන්තුවේ හතරවෙනි සැසිවාරය විවෘත කෙරුණු සිකුරාදා (ජනවාරි 03) පස්වරුවේ සිය නිවේදන ගෙන හැර දැක්වූ කථානායක කරූ ජයසූරිය, විපක්ෂ නායකවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස පිළිගන්නා බව පැවසීය.
මීට අමතරව දිනේෂ් ගුණවර්ධන හා ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මන්ත්‍රීවරුන්, පිළිවෙලින් සභානායක හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස නම් කර ඇති බව ඔහු සඳහන් කළේය.
එසේම එක්සත් ජාතික පක්ෂයේ ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ද නම් කර ඇති බව කථානායකවරයා පැවසීය.
පාර්ලිමේන්තු රැස්වීමේ විශේෂ සිදුවීමක් වූයේ, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස පත් වූ මන්ත්‍රීවරයෙකු සිය දිවුරුමෙන් අනතුරුව විපක්ෂයේ අසුන් ගැනීමය.
එක්සත් ජාතික පක්ෂයට සහය පළ කරමින් එවැනි පියවරකට යොමු වූයේ රත්නපුර දිස්ත්‍රික්කය වෙනුවෙන් පත් වූ වරුණ ප්‍රියන්ත ලියනගේ මන්ත්‍රීවරයාය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා ගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ඔහු පත් කෙරිණි.
මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කතා කරමින් පැවසුවේ සිකුරාදා සිදු වූ ගුවන් යානා අනතුර සම්බන්ධයෙන් කනගාටුව හා ශෝකය පළ කරන බවය.
අදාළ ගුවන් යානය නැගෙනහිර භූමියේ සමීක්ෂණ කටයුතු සඳහා පහළ මට්ටමින් පියාසර කරමින් තිබියදී කඳු ගැටයක ගැටී අනතුර සිදුවී ඇති බවත් ඒ පිළිබඳ වැඩි තොරතුරු පාර්ලිමේන්තුවට දැනුම් දෙන බවත් රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ සඳහන් කළේය.
බැදුම්කර වාර්තාව
පාර්ලිමේන්තු රැස්වීම අතරතුර මීළඟට දැඩි කතා බහක් ඇති වූ මාතෘකාව වූයේ මහබැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධ වෝහාරික විගණන වාර්තාවය.
කෝප් කමිටුව හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව භාරයේ ඇති අදාළ වෝහාරික වාර්තාව පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා මෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉල්ලා සිටියහ.
එසේ වූ විට අදාළ සිදුවීමට වගකිව යුතු පුද්ගලයින් කවුදැයි යන්න සම්බන්ධයෙන් ජනතාවට සැබෑ අවබෝධයක් ලැබිය හැකි බව ඔවුන් විසින් පෙන්වා දෙනු ලැබීය.
එහිදී ආණ්ඩු පක්ෂය වෙනුවෙන් කතා කළ අමාත්‍ය විමල් වීරවංශ කියා සිටියේ අදාළ වෝහාරික වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා පමණක් නොව වගකිවයුත්තන්ට දඬුවම් දීමට ද කටයුතු කරන බවය.
පාර්ලිමේන්තුව යළි ලබන අඟහරුවාදා (ජනවාරි 07) රැස්වනු ඇත.
මේ තොරතුරු ද දැනගන්න: