ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ලෙසින් පත්කිරීමට එක්සත් ජාතික පක්ෂය තීන්දු කරයි
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස නම් කිරීමට පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම එකඟ වී තිබේ.
මෙම තීන්දුව ගෙන ඇත්තේ, බ්‍රහස්පතින්දා (දෙසැ: 05) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදීය.
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තු කණ්ඩායමේ තීරණය කථානායකවරයාට නිල වශයෙන් දැනුම් දී තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් කතානායකවරයා වෙත යැවූ ලිපිය පහත දැක්වේ.
පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ තීරණය පිළිබඳව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් හිටපු අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පවසන්නේ, සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා විපක්ෂනායක පදවියට පත්කළ යුතු බවට පක්ශයේ නායක, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ කළ යෝජනාවට පාර්ලිමේන්තු කණ්ඩායම ඒකමතිකව අනුමැතිය පළ කළ බවය.
සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා පක්ෂයේ නායකත්වයට පත්කර ගැනීම මීළඟ පියවර බව පවසන ආචාර්ය හර්ෂ ද සිල්වා, ප්‍රජාතන්ත්‍රවාදී ලෙසින් එය සිදු විය යුතු බව ද අවධාරණය කරයි. ඒ සම්බන්ධ මූලික සාකච්ඡා ලබන සඳුදා ආරම්භ වනු ඇති බව ද හිටපු අමාත්‍යවරයා සිය ට්විටර් පණිවුඩයේ සඳහන් කර තිබේ.