සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ලෙසින් පත්කිරීමට එක්සත් ජාතික පක්ෂය තීන්දු කරයි

විපක්ෂ නායකත්වය සජිත්ට දීමට එකඟත්වය

ඡායාරූප මූලාශ්‍රය, Sajith Premadasa/Facebook

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස නම් කිරීමට පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම එකඟ වී තිබේ.

මෙම තීන්දුව ගෙන ඇත්තේ, බ්‍රහස්පතින්දා (දෙසැ: 05) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදීය.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තු කණ්ඩායමේ තීරණය කථානායකවරයාට නිල වශයෙන් දැනුම් දී තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් කතානායකවරයා වෙත යැවූ ලිපිය පහත දැක්වේ.

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක පදවියට

පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ තීරණය පිළිබඳව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් හිටපු අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පවසන්නේ, සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා විපක්ෂනායක පදවියට පත්කළ යුතු බවට පක්ශයේ නායක, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ කළ යෝජනාවට පාර්ලිමේන්තු කණ්ඩායම ඒකමතිකව අනුමැතිය පළ කළ බවය.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා පක්ෂයේ නායකත්වයට පත්කර ගැනීම මීළඟ පියවර බව පවසන ආචාර්ය හර්ෂ ද සිල්වා, ප්‍රජාතන්ත්‍රවාදී ලෙසින් එය සිදු විය යුතු බව ද අවධාරණය කරයි. ඒ සම්බන්ධ මූලික සාකච්ඡා ලබන සඳුදා ආරම්භ වනු ඇති බව ද හිටපු අමාත්‍යවරයා සිය ට්විටර් පණිවුඩයේ සඳහන් කර තිබේ.

එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට පැමිණ සිටි සජිත් ප්‍රේමදාස

ඡායාරූප මූලාශ්‍රය, Sajith Premadasa/Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට පැමිණ සිටි සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා
සජිත් ප්‍රේමදාස

ඡායාරූප මූලාශ්‍රය, Sajith Premadasa/Facebook