ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ යානයක් කඩා වැටේ

ශ්‍රී ලංකා ගුවන් හමුදා හමුදාවට අයත් ගුවන් යානයක් අද උදෑසන හපුතලේ ප්‍රදේශයට කඩාවැටී තිබේ.

එසේ අනතුරට ලක්වී තිබෙන්නේ වීරවිල සිට පිටත්ව ගිය Y-12 වර්ගයේ ගුවන් යානයකි.

එය කඩා වැදී තිබෙන්නේ හපුතලේ අයිස් පීල්ල ප්‍රදේශයට ය.

යානයේ කාර්ය මණ්ඩලය සිව් දෙනෙකුගෙන් සමන්විත වූ අතර අනතුරේදී ඒ සියලු දෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බව ගුවන් හමුදා ප්‍රකාශක ගෘප් කැප්ටන් ගිහාන් සෙනෙවිරත්න බීබීසී සිංහල සේවයට පැවසීය.

අදාළ ගුවන් යානය දෛනික ආවේක්ෂණ රාජකාරියේ නිරතව සිටි එකක් බව ද ගුවන් හමුදා ප්‍රකාශකවරයා කියා සිටියේය.

අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ගුවන් හමුදාව විසින් පරීක්ෂණ අධිකරණයක් (court of inquiry) පත් කරනු ලැබ ඇති බවද ඔහු පැවසීය.

මේ තොරතුරු ද දැනගන්න: