ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
තායිවාන හමුදා ප්‍රධානියා ගුවන් අනතුරකින් මරුට
තායිවානයේ හමුදා හෙලිකොප්ටර් යානයක් එරට කඳුකර පෙදෙසකට කළ හදිසි ගොඩබෑමේදී මියගිය පුද්ගලයින් අට දෙනා අතර තායිවානයේ ඉහළම හමුදා නිලධාරියාද සිටින බව එරටින් ලැබුණු නිල වාර්තාවල දැක්විණි.
බ්ලැක්හෝක් (Black Hawk) වර්ගයේ හෙලිකොප්ටර් යානය අයපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්, තායිපේ අගනුවරට ආසන්න ප්‍රදේශයකට ගොඩබාන විට ජෙනරල් ෂෙන් යි-මින්ග් සහ තවත් 12 දෙනෙක් එහි සිටියහ.
ඇතැමෙක් සොයාගන්නා විට ජීවතුන් අතර සිටි බවත් තවත් අය "හෙලිකොප්ටරයේ සුන්බුන් යට සිරවී" සිටි බවත් මීට ඉහතදී ලැබුණු වාර්තාවලින් කියවිණි.
ජෙනරාල්වරයා ඊසානදිග තායිවානයේ පිහිටි හමුදා කඳවුරක් බලා පියාසර කරමින් සිටියේය.
තවත් උසස් හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු ද හෙලිකොප්ටර් යානය තුළ සිටි බව වාර්තාවල සඳහන් විය.
තායිවාන ගුවන් හමුදාව විසින් තවත් බ්ලැක්හෝක් යානා දෙකක් හා සෙබළුන් 80 දෙනෙකු පමණ අනතුර වූ ස්ථානයට පිටත් කර යැවූ බව එරට නිල මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සිය පැවසීය.
එරට වේලාවෙන් උදෑසන 7.54ට තායිපේ හි සොන්ග්ශාන් ගුවන් හමුදා කඳවුරෙන් නික්මුණු යානය, යිලාන් ප්‍රාන්තයේ පිහිටි ඩොන්ග්'ආඕ හමුදා කඳවුරේ පරීක්ෂණයක් සඳහා පියාසර කරමින් තිබූ බව 'ෆොක්ස් තායිවාන්' වාර්තා කරයි.
ආරක්ෂක අමාත්‍යාංශය පවසන පරිදි උදෑසන 8.22 ට ගුවන් පාලන අධිකාරීන් හා යානය අතර වූ සබඳතාව බිඳ වැටීමෙන් පසු එය හදිසි ගොඩබෑමක නිරත වී ඇත.
ගලවාගැනීමේ කණ්ඩායමක් හැකි ඉක්මනින් අදාළ ස්ථානයට ළඟා වීමට උත්සාහ කළ ද භූමියේ තත්ත්වය හේතුවෙන් එම කටයුතු සංකීර්ණ වූ බව එක් නිලධාරියෙක් බීබීසී සමග පැවසීය.
2010 වසරේදී ඇමෙරිකාව විසින් UH-60M වර්ගයේ බ්ලැක්හෝක් හෙලිකොප්ටර් යානා 60ක් තායිවානයට අලෙවි කරනු ලැබ තිබේ. බ්‍රහස්පතින්දා (ජනවාරි 02) අනතුරට ලක්වුයේ ඉන් එකක්දැයි මෙතෙක් පැහැදිලි නැත.
ජනවාරි 11 වෙනිදා පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමෙන් යළි බලයට පත්වීමේ අපේක්ෂාවෙන් පසුවන ජනාධිපති ත්සයි ඉංග්-වෙන්, බ්‍රහස්පතින්දා දිනය තුළ සිය ඡන්ද ව්‍යාපාරය අවලංගු කළාය.
ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂය නියෝජනය කරන ජනාධිපතිනිය තරග වදින්නේ, චීනය සමග සමීප ගනුදෙනුවකට යා යුතු යැයි යන මතය දරන කුවොමින්ටාන් පක්ෂයේ හන් කුවෝ-යූ ට එරෙහිවය.
1949 චීන සිවිල් යුද්ධය අවාසාන වූ තැන් සිට තායිවානය වෙන්ව පාලනය කෙරේ.
මේ තොරතුරු ද දැනගන්න: