ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉවත් වෙයි
අගමැති රනිල් වික්‍රමසිංහ එම ධූරයෙන් ඉවත්වීමට තීරණය කළ බව අගමැති කාර්යාලය මගින් නිකුත් කරන ලද නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
අගමැතිවරයා අඟහරුවාදා(19) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වූ බවත් පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව එම අවස්ථාවේ සාකච්ඡා කරන ලද බවත් එම ප්‍රකාශනයෙහි සඳහන් වෙයි.
අගමැති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන එම ප්‍රකාශනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ පාර්ලිමේන්තුවෙහි තමන්ට බහුතර බලයක් ඇතත් ජනාධිපතිවරයා ලද ජනවරම පිළිගනිමින් එතුමාට අවශ්‍ය පරිදි නව ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ සැලසීමට තීරනය කළ බවය.
"නව ජනාධිපතිවරයාට නව ආණ්ඩුවක් පිහිටුවීමට අවකාශ සලසමින් අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට මම තීරණය කළා. මේ බව නිල වශයෙන් මම හෙට (21) ජනාධිපතිතුමාට දැනුම් දෙනවා" අගමැති රනිල් වික්‍රමසිංහ ඉහත කී නිවේදනය මගින් කියා සිටියි.
මේ අතර බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයෙක් කියාසිටියේ, එක්සත් ජාතික පෙරමුණ ලඟට වැඩිම මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක සහයෝගය ලබන විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ නව අගමැතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා විසින් පියවර ගැනීමට ඉඩකඩ ඇති බවය.
කියවන්න;