ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජනාධිපතිවරණය : ගෝඨාභයට 52%ක්
ශ්‍රී ලංකාවේ 7 වැනි ජනාධිපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තරග කළ ගෝඨාභය රාජපක්ෂ තේරීපත්වී ඇති බව කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය නිවේදනය කළේය.
නොවැම්බර් 16 දින පැවති ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵලය අද සවස කොළඹ මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කිරීම සිදුවිය.
එම අවස්ථාවට ජයග්‍රාහී ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස ද සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඒ අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපතිවරයා ලෙස තේරීපත්වූ ගෝඨාභය රාජපක්ෂ වලංගු සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් 52.25%ක් ලබාගෙන ජනාධිපතිවරණය ජයග්‍රහණය කරද්දී ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියාවූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස වලංගු ඡන්ද ප්‍රමාණයෙන් ලබාගත්තේ 41.99%ක් පමණි. ජනාධිපතිවරණයේ තුන් වැනි ස්ථානය ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායකට ලබාගත හැකිවුයේ වලංගු සමස්ථ ඡන්ද ප්‍රමාණයෙන් 4.2%ක් පමණි.
මේ අතර හෙට (18) උදෑසන අනුරාධපුර රුවන්වැලිසෑය ඉදිරිපිට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධුරයේ දිවුරුම් දීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.