රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉවත් වෙයි

රනිල්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

අගමැති රනිල් වික්‍රමසිංහ එම ධූරයෙන් ඉවත්වීමට තීරණය කළ බව අගමැති කාර්යාලය මගින් නිකුත් කරන ලද නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

අගමැතිවරයා අඟහරුවාදා(19) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වූ බවත් පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව එම අවස්ථාවේ සාකච්ඡා කරන ලද බවත් එම ප්‍රකාශනයෙහි සඳහන් වෙයි.

අගමැති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන එම ප්‍රකාශනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ පාර්ලිමේන්තුවෙහි තමන්ට බහුතර බලයක් ඇතත් ජනාධිපතිවරයා ලද ජනවරම පිළිගනිමින් එතුමාට අවශ්‍ය පරිදි නව ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ සැලසීමට තීරනය කළ බවය.

"නව ජනාධිපතිවරයාට නව ආණ්ඩුවක් පිහිටුවීමට අවකාශ සලසමින් අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට මම තීරණය කළා. මේ බව නිල වශයෙන් මම හෙට (21) ජනාධිපතිතුමාට දැනුම් දෙනවා" අගමැති රනිල් වික්‍රමසිංහ ඉහත කී නිවේදනය මගින් කියා සිටියි.

RANIL

ඡායාරූප මූලාශ්‍රය, PM OFFICE

ඡායාරූප ශීර්ෂ වැකිය, අගමැති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද නිවේදනය

මේ අතර බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයෙක් කියාසිටියේ, එක්සත් ජාතික පෙරමුණ ලඟට වැඩිම මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක සහයෝගය ලබන විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ නව අගමැතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා විසින් පියවර ගැනීමට ඉඩකඩ ඇති බවය.

කියවන්න;