ආබාධිත තත්වයක් නිසා හොඬයේ ආධාරයෙන් ඇවිදින අලි පැටවෙකු මත්තල දී හමුවෙයි

උපතින් පිහිටි ආබාධිත තත්ත්වයක් හේතුවෙන් හොඬය ආධාරයෙන් ඇවිද යන වයස අවුරුද්දක් පමණ වන අලි පැටවෙකු හම්බන්තොට පහළ මත්තල ප්‍රදේශයේ දී ඊයේ (ජූලි 22) සවස වනජීවී නිලධාරින් කණ්ඩායමකට හමුවී තිබේ.
මේ දිනවල හම්බන්තොට සූරියවැව ප්‍රදේශය ආශ්‍රිතව දියත් කරමින් තිබෙන වන අලි පලවා හැරීමේ මෙහෙයුමක් අතරතුර වන ජීවී නිලධාරීන් කණ්ඩායමකට මෙම අලි පැටවා හමු වී ඇත.
ඉදිරි පාදවල ඇති ආබාධ සහිත තත්ත්වය හේතුවෙන් ඇවිදයාම සඳහා අලි පැටවා සිය හොඬය ආධාර කරගනී.
ප්‍රතිකාර කිරීම සඳහා අලි පැටවා උඩවලව ඇත් අතුරු සෙවනට රැගෙන ආ බව වනජීවී පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් මාලක අබේවර්ධන පැවසීය.
කෙසේනමුත්, මෙවැනි ආබාධිත තත්වයකින් පෙළෙන අලි පැටවෙකු ශ්‍රී ලංකාව තුළ දී හමුවීම ඉතා දුර්ලභ සිද්ධියක් බව ද ඔහු සඳහන් කළේය.
මෙහි අන්තර්ගතය නැත
වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.End of Facebook post
මින් පෙර අනුරාධපුරයෙන් සහ අම්පාර දිස්ත්‍රික්කවලින් වයස මසක් පමණ වන ආබාධිත අලි පැටවුන් දෙදෙනෙකු හමුවී තිබුණ අතර, ඔවුන් උඩවලව ඇත් අතුරු සෙවනට රැගෙනවිත් ප්‍රතිකාර කරන අතරතුර මියගිය බව පශු වෛද්‍ය මාලක අබේවර්ධන තවදුරටත් පැවසුවේය.

කිරි බිවූ හැටි ප්‍රශ්නයක්
"මේ වගේ සමහර සතුන් කාලයක් යන කොට සුව අතට හැරෙන අවස්ථාද තිබෙනවා. නැත්නම් මිය යනවා. නමුත් අවුරුද්දක පමණ කාලයක් පමණ මේ සතා පුදුමයකට වගේ ජීවත්වෙලා තිබෙනවා. එතෙක් කල් මේ සතා කිරි බිව්වේ කොහොමද කියලත් ප්‍රශ්නයක්. අලිපැටවා කිරි බිව්වේ නැත්නම් මෙච්චර කාලයක් ජිවත් වෙන්නේ නැහැ."

''අලි පැටවා අපිට හමුවෙන කොට මවගෙන් මග හැරී ඉතා දුර්වල තත්වයක් තමයි හිටියේ. ශරීරයේ ආසාදිත තුවාල තිබුණා. මුලින්ම ඒවාට ප්‍රතිකාර කරලා, පසුව මේ ආබාධිත තත්වය සුව කරන්න පුළුවන්ද කියලා උත්සහ කරනවා. ශල්‍යකර්මයකින් හෝ වෙනත් ක්‍රමයකින් අලි පැටවා සුව කරන්න උත්සහ කරනවා" යැයි මාලක අබේවර්ධන පැවසුවේය.
මේ තොරතුරුද කියවන්න:








