අලි අම්මාගේ සහායට වනජීවී නිලධාරීන්

වීඩියෝ ශීර්ෂ වැකිය, "ළිඳ වටකර අලි මෙහෙයුම"

අම්පාර සමන්තුරේ පොලිස් බල ප්‍රදේශයේ නින්දවුර්, අල්ලිමුල්ල ප්‍රදේශයේ කුඹුරුයායක ළිඳකට වැටුණ අලි පැටියකු ගොඩ ගෙන මුදා හැරීමට අම්පාර වනජීවි සෞඛ්‍ය ඒකකයේ නිලධාරීහු සමත් වූහ.

elephant

වෙල්යායේ සිලින්ඩර් බස්සවා ඉදිකළ ළිඳක අලි පැටියා වැටී සිටි අතර, ඇතින්න සමග තවත් අලින් කීපදෙනෙක් පැටියා රැකවල් කරමින් එම ස්ථානයේ රැඳී සිටියහ.

රැකවලේ සිටි එම අලි රංචුව පැටියා ගොඩ ගැනීමට පැමිණි වනජීවි නිලධාරීන්ට පහරදීමට තැත් කළහ.

elephant

පසුව අම්පාර වනජීවී සෞඛ්‍යය ඒකකයේ පශු වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර මව් ඇතින්න නිර්වින්දනය කරනු ලැබීමෙන් අනතුරුව, වනජීවි නිලධාරීහු 'බැකෝ' යන්ත්‍රයක් යොදා ගනිමින් ළිඳේ සිලින්ඩර් ඉවත්කර අලි පැටියා ඉවතට ගත්හ.

ළිඳට වැටීම නිසා අලි පැටියාගේ සිරුරේ සීරීම් තුවාල වූ අතර වනජීවි නිළධාරීහු ඒවාට ක්ෂණික ප්‍රථිකාර ලබා දුන්හ.

නිරිවින්දනය කරන ලද ඇතින්නගේ සිරුරේ තිබුණ තුවාල වලටද ප්‍රතිකාර කිරිමෙන් අනතුරුව පශු වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර විසින් ඇතින්නිය නැවත සිහි ගන්වනු ලැබුණි.

අලි මෙහෙයුම්

අනතුරුව,මඳ වේලාවක් එම ස්ථානයේ රැඳී සිටි ඇතින්න පසුව පැටියාද කැටුව කැලෑ ප්‍රදේශයට ගමන් ගත්තාය.

මේ තොරතුරුද දැනගන්න: