රෝහින්ග්‍යා සරණාගතයන් එක්සත් ජාතීන් භාරයට

ඡායාරූප මූලාශ්‍රය, Sri lanka navy
ශ්‍රී ලංකාවට පැමිණි මියන්මාර සරණාගතයන් වහා ක්‍රියාත්මක වන පරිදි එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය වෙත භාර කරන මෙන් අධිකරණය ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
පසුගිය අප්‍රේල් 30 වෙනිදා ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වූ මියන්මාර රෝහින්ග්‍යා සරණාගතයන් 32 කන්කසන්තුරය මුහුදු කලාපයේ දී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
රටක් නොමැති සරණාගතයන් 32 අතර ශ්‍රී ලංකාවේ දී උපත ලද බිලිඳෙකු ද වෙයි.
ඒ අනුව මිරිහාන රැඳවුම් කඳවුරේ රඳවා සිටින ඉහත කී සරණාගතයන් පිරිස ඉන් නිදහස් කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාව, 1950 සහ 1967 වසරවල අත්සන් තබන ලද එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ ප්‍රඥප්තියේ සාමාජික රටක් නොවන බැවින් ඒ පිළිබඳ විශේෂ සැළකිල්ලක් යොමු කර යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය විසින් දෙන ලද තීන්දුව ද ආධාර කර ගනිමින් සරණාගතයන් පිරිස නිදහස් කර තිබේ.
'ඉන්දියාවේ සිට'

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Navy
මියන්මාරයේ පවතින "ආගමික ගැටුම්" හමුවේ ඉන්දියාවට පළා ආ එම සංක්‍රමණිකයන් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට උත්සාහ කොට ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මීට ඉහතදී පැවසීය.
මීට සිව් වසරකට පෙර ඔවුන්ට ඉන්දියාවේ දේශපාලන රැකවරණ ලැබී ඇති බවත් ඔහු එවක සඳහන් කළේය.
තමන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හෝ සංක්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර ආයතනයේ (IOM) පාලනය යටතට පත්කරන මෙන් ඉහත කී රෝහින්ග්‍යා සරණාගතයන් පිරිස මීට පෙර ඉල්ලා තිබිණි.












