ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සයිටම්: වෛද්‍ය වර්ජනය අත්හිටුවයි
බදාදා (ජුලි 05) ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනය සතියක කාලයක් සඳහා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සඳුදා (ජුලි 04) නිවේදනය කළේ මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් නිසි විසඳුමක් ලබා දෙන තෙක් දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනයකට යන බවය.
ඉන් අනතුරුව උසස් අධ්‍යාපන සහ මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සමග එදින සිය සංගමයේ නිලධාරීන් හා සාකච්ඡාවක් පැවති බවත් එහිදී ඇමතිවරයාගෙන් ලද ප්‍රතිචාරය "දිරිගන්වන සුළු" බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද අඟහරුවාදා නිකුත් කළ නිවේදනයක දැක්වේ.
එමෙන්ම සඳුදා සිය සංගමයේ නියෝජිතයන් පිරිසක් අස්ගිරි පාර්ශවයේ මහානායක හිමියන් බැහැදැක සිය ඉල්ලීම් පිළිබඳ සාකච්ඡාවක නිරත වූ බවත් එම නිවේදනයේ සඳහන් වේ.
ඩෙංගු
මේ අතර ඩෙංගු රෝගයෙන් ජනතාව පීඩාවට පත්ව සිටින මොහොතක වෘත්තීය ක්‍රියාමාර්ගයකට නොයන ලෙස මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබිණි.
සඳුදා සවස අගරදගුරුතුමන් හමුවීම සඳහා තමන් වෙත අවස්ථාවක් ලැබී ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටී.
ඉහත සඳහන් කරුණු අධ්‍යයනය කිරීමෙන් අනතුරුව වැඩ වර්ජනය සතියක කාලයක් සඳහා අත්හිටුවීමට සිය සංගමයේ විධායක සභාව තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සක්වේ.