ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සයිටම් විරෝධය: අසූ දෙනෙකුට පමණ තුවාල
මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය දියත් කළ විරෝධතාව විසුරුවා හැරීමේදී තුවාල ලැබූ සිසු සිසුවියන් අසූ දෙනෙකු පමණ රෝහල් ගත කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යංශ ගොඩනැගිල්ල තුළට සිසුන් ඇතුළු වූ අතර එම ස්ථානයට පැමිණි පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළු සිසුන් විසුරුවා හැරීමට කටයුතු කළහ.
රෝහල් ගත කර කිසිවෙකුත් බරපතළ තුවාල ලබා නොමැති බව කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු කියා සිටියේය.
එහිදී තුවාල ලැබූ පොලිස් නිලධාරීන් හය දෙනෙකු ද රෝහල් ගත කෙරිණි.
සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය නිකුත් කරමින් කියා සිටියේ සරසවි සිසුන් පිරිසක් සිය අමත්‍යංශ ගොඩනැගිල්ල තුළට බලහත්කාරයෙන් ඇතුළු වී රාජ්‍ය දේපළවලට හානි සිදු කර ඇති බවය.