ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වෛරස් උන පැතිරෙද්දී වෛද්‍යවරුන්ගේ වර්ජනය සාධාරණද?
සයිටම් ගැටළුව විසඳීමට අපොහොසත් වුවහොත් ඕනෑම මොහොතක වැඩවර්ජනයක් කැඳවන බව පසුගිය ජනවාරි මස 31වැනිදා සෞඛ්‍යය අමාත්‍යවරයාට දැන්වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
ඊයේ (අප්‍රේල් 05) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවූ සෞඛ්‍ය ආමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට වැඩ වර්ජනයක් දියත්කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය හෝ තමන් දැනුවත්කර නොමැති බවය.
සදාචාරය
රටේ ඇතැම් ප්‍රදේශ තුළ ඉන්ෆ්ලුවන්සා උන රෝගීන් විශාල වශයෙන් වාර්තාවෙද්දී වෛද්‍යවරුන් වැඩ වර්ජනය කිරීම සදාචාරාත්මක දැයි බීබීසීය විමසූවිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවින් සොයිසා කියා සිටියේ වෛද්‍ය වැඩවර්ජනයක් ඕනෑම මොහොතක සාධාරණීකරණය කළ නොහැකි නමුත් එවැනි ප්‍රදේශවල රෝගීන් අපහසුතාවයට පත් නොකරන ලෙස අදාළ සමිතිවලට දන්වා ඇති බවය.