ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මහින්ද ගැන සයිටම්: "දේශපාලනඥයෝ අවස්ථාවාදියෝ"
රජය විසින් පවත්වන ඕනෑම විභාගයකට මුහුණදීමට මාලඹේ සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් සුදානම් බව එම වෛද්‍ය විද්‍යාලයේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු පවසයි.
අද (පෙබ.07) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී බීබීසීය කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ, සිය වෛද්‍ය විද්‍යාලය මෙන්ම රජයේ විශ්ව විද්‍යාල ඇතුළු විදෙස් රටවල වෛද්‍ය උපාධිය ලබාගෙන පැමිණෙන සියලුම සිසුන්ට පොදු විභාගයක් පවත්වන ලෙස තමන් යෝජනා කරන බවය.
වෛද්‍ය සභාව විසින් පවත්වනු ලබන පොදු බහුවරණ විභාගයට මුහුණදීමට තම සිසුන්ට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා සිටියත් ඔවුන් එම විභාගයෙන් පෙරමුණ ගනු ඇතැයි යන බිය නිසා ඊට අවස්ථාව ලබා නොදුන් බවත් සයිටම් ආයතනයේ මහාචාර්ය නෙවිල් පෙරේරා පැවසීය.
පැවති ආණ්ඩු සමයේ සයිටම් ආයතනය ආරම්භ කෙරුණු නමුත් අද වනවිට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඒ සම්බන්ධයෙන් වෙනස් අදහසක් දැරීම පිළිබඳ කළ විමසීමේදී එහි සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු කියා සිටියේ 'දේශපාලනඥයෝ අවස්ථාවාදීන්' බවය.