ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සයිටම් නිලධාරියාගේ රථයට වෙඩි
මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සමීර සේනාරත්න ගමන්ගත් මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ බව පොලිසිය පවසයි.
මුහුණු ආවරණය වන සේ හිස්වැසුම් පැළඳ යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු සයිටම් වෛද්‍ය විද්‍යාලය අසලදී එම ප්‍රහාරය එල්ල කර පලාගොස් තිබේ.
එම වෙඩි තැබීමෙන් කිසිවකුට හෝ තුවාල සිදු වී නොමැත.
පරීක්ෂණ සඳහා විශේෂ කණ්ඩායම් දෙකක් එම ස්ථානයට පිටත්කර ඇති බව ද පොලිසිය පවසයි.