ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාවට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍ය නෑ - දිනේෂ්
ශ්‍රී ලංකාවට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍ය නැති බව ඒකාබද්ධ විපක්ෂයේ මතය බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පවසයි.
අද කොළඹ පැවති මාධ්‍ය හමුවක දී බීබීසීය යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසුවේය.
අභියාචනාධිකරණ තීන්දුවකින් වෛද්‍ය උපාධිය පිරිනැමීමට අවසර ලද මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අරම්භ වූයේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා නියෝජනය කළ පසුගිය ආණ්ඩුව සමයේදීයි.
ඒ පිළිබඳව මන්ත්‍රීවරයාගෙන් විමසූ විට ඔහු පැවසුවේ සිය ආණ්ඩුව සමයේ එය ආරම්භ වුවත් ඒ කාලවකවානුව තුළම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පිළිනොගන්නා බවට තීන්දු ලබාදුන් බවය.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර අත්අඩංගුවට ගැනීම ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කිරීමට සිදුවූ එකක් බව මෙහිදී අදහස් දැක්වූ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා කියා සිටියේය.
එහිදී මාධ්‍යවේදියෙකු විමසුවේ පසුගිය ආණ්ඩුව සමයේදී ද අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු කිහිපවරක්ම අත්අඩංගුවට ගත්තේද ශිෂ්‍ය ව්‍යාපාරය මර්ධනයටද යන්නයි.
ඊට පිළිතුරු දෙමින් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා සෑම ආණ්ඩුවකින්ම එම වරද සිදුවී ඇති බව පැවසුවේය.