"බැඳුම්කර ගනුදෙනුව විමර්ශනයට කොමිසමක් පත් කරනවා"

මහ බැංකු බැඳුම්කර ගැටලුව විමර්ශනය සඳහා මේ සතිය තුළදී තමන් විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (ජන.22) රාත්‍රී ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි.

ඒ අනුව අදාළ ගැටලුව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම එසේ පත් කරනු ලබන ජනාධිපති කොමිෂන් සභාවෙන් අපේක්ෂා කෙරේ.