ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බැඳුම්කර ගනුදෙනුව: ශ්‍රීලනිප වාර්තාව
මතභේදයට තුඩු දී තිබෙන මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත භාර දීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි.
රාජ්‍ය ඇමතිවරයා ඒ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී.
එහිදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමතිවරයා පෙන්වා දුන්නේ අදාළ ගනුදෙනුව හා සම්බන්ධ වරදකරුවන්ට දඬුවම් කිරීම සහ මුදල් රජයට නැවත අයකර ගැනීම සිදුවිය යුතු යැයි තමන් අදහස් කරන බවය.
කෙසේ වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැකසූ වාර්තාවට, විද්වතුන් සහ ආර්ථික විශේෂඥයන් සමග කළ සාකච්ඡාවලින් හා නිසි අධ්‍යනයකින් අනතුරුව සකස් කරන ලද නිර්දේශ ඇතුළත් වන බවත් රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් අගමැතිවරයාට එල්ලවන පීඩනය පිළිබඳ මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා විගණන වාර්තාව හෝ කොප් වාර්තාව තුළ අගමැතිවරයාගේ නම සඳහන් නොවන බව පෙන්වා දුණි.