ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අගමැතිට එරෙහි පරීක්ෂණයක් අවශ්‍ය නැහැ - ශ්‍රීලනිපය
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව පරීක්ෂණයක් අවශ්‍ය නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධ කෝප් වාර්තාව ගැන සාකච්ඡා කිරීමේ අරමුණින් ඊයේ (ඔක්.31) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී අගමැතිවරයාට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීම සම්බන්ධයෙන් කිසිවක් සාකච්ඡා නොවූ බව අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍ය දයාසිරි ජයසේකර පැවසීය.
දූෂිත නිලධාරීන් ආරක්ෂා කිරීමට අගමැතිවරයාට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව, කෝප් වාර්තාව පිළිබඳ ක්‍රියාමාර්ග ගැනීම සඳහා එය කඩිනමින් නීතිපතිවරයාට යැවීමෙන් පැහැදිලි වන බව දයාසිරි ජයසේකර අමාත්‍යවරයා පෙන්වා දුණි.
බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධ කෝප් වාර්තාව පිළිබඳ අධ්‍යයනය කර ජනාධිපතිවරයාට වාර්තාවක් සැපයීමට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පියවර ගත් බව ද අමාත්‍යවරයා පැවසීය.