ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කෝප් වාර්තාව නීතිපතිට - කබීර් හෂීම්
පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධ කෝප් වාර්තාව නීතිපතිවරයා වෙත ඉදිරිපත් කොට ඇති බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් පවසයි.
"රටේ නීතිය කාටත් සමානයි කියන කාරණය අපි මේ හරහා පෙන්වා දෙනවා. අපි කිසි කෙනෙක් ආරක්ෂා කරන්න බැඳී සිටින්නේ නැහැ." ඇමතිවරයා කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
යමි කිසි අයකු වරදක් කර ඇත්නම් ඔවුන්ට දඬුවම් ලබා දීමේ අයිතිය රටේ නීති පද්ධතිය සතු බවත් ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේ අදාළ කරුණ පිළිබඳ ඉදිරියේදී ගනු ලබන නෛතික ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇති බවය.
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ පරීක්ෂණ පවත්වන අතරතුර පසුගිය පාලන සමයේ සිදු වූ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ද විධිමත් පරීක්ෂණ සිදු කෙරෙනු ඇති බවත් ඇමතිවරයා පැවසීය.
වරදක් කර ඇත්නම් තරාතිරම නොබලා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්වැඩිදුරටත් සඳහන් කළේය.