ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
''එදා කෝප් වාර්තා යට ගියේ එදා විපක්‍ෂයේ වරදින්''
පසුගිය පාලන සමයේ කෝප් වාර්තා ක්‍රියාත්මක නොවීමට හේතුව එවකට විපක්ෂය සිය භූමිකාව ඉටු නොකිරීම බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසයි.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියේ අද (නොවැ. 03) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ය.
පසුගිය පාලන සමය තුළ සිදුවූ බව පැවසෙන වංචා සියල්ලටම වඩා වැඩි පාඩුවක් මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව මගින් සිදුවී ඇති බව ඔහු පැවසීය.
රාජපක්ෂ පාලන තිබිය දී නිකුත් කෙරුණු කෝප් වාර්තා සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත්තේ මන්දැ'යි විමසූ විට එයට නිසි පිළිතුරක් ලබා දුන්නේ නැත.
අගමැතිවරයා
මෙහිදී අදහස් දැක්වූ හිටපු විදේශ අමාත්‍ය ජි එල් පීරිස් කියා සිටියේ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ පුද්ගලයින් ආරක්ෂා කරමින්, එම වංචාව හෙළි කළ පුද්ගලයාට දඬුවම් ලබාදීමට අගමැතිවරයා කටයුතු කරන බවය.
හිටපු මහ බැංකු අධිපති විදේශ ගතවීම ගැන අදහස් දක්වමින් සිටියදී හිටපු විදේශ ඇමතිවරයාගෙන් මාධ්‍යවේදීන් විමසා සිටියේ ඔහු විසින් තානාපතිවරයෙකු ලෙස පත් කර සිටි උදයංග වීරතුංග පිලිබඳවය.
ඊට පිළිතුරු දෙමින් ජී එල් පීරිස් හිටපු ඇමතිවරයා කියා සිටියේ උදයංග වීරතුංග සිටින තැනක් තමා නොදන්නා බවය.
මාධ්‍ය හමුවේ වීඩියෝව අමුණා ඇත.