"වැසි ප්‍රමාණවත් නැහැ; නියඟයෙන් මිලියනයක් පීඩාවට"

ශ්‍රී ලංකාවට බලපා ඇති නියඟය හේතුවෙන් මිලියනයකට අධික ජනතාවක් පීඩාවට පත්වී ඇති බව ජාතික ආපදා කළමනාකරණ අමාත්‍යංශය පවසයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (ජන. 22) වර්ෂාපතනය ලැබී ඇති නමුත් නියඟයෙන් මිදීමට තරම් එය ප්‍රමාණවත් නොවන බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි බීබීසී සංදේශයට ප්‍රකාශ කළේය.
අරපිරිමැස්ම

මේ හේතුව නිසා තවදුරටත් විදුලිය සහ ජලය අරපිරිමැස්මෙන් පාවිච්චිකරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
ඔහු තවදුරටත් කියා සිටියේ ඇතැම් ප්‍රදේශවලට වර්ෂාපතනයක් වාර්තාවී ඇති නමුත් ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සිය සහන මෙහෙයුම් දිගටම පෙර පරිදිම පවත්වාගෙන යන බවය.
මෙම නියඟය හේතුවෙන් පීඩාවට පත්වූ වැඩිම පිරිස වාර්තාවන්නේ උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා සනාථ කළේය.




