තලාක් දික්කසාද සම්ප්‍රදායට එරෙහි අධිකරණ තීන්දුවක්

'තලාක්' දික්කසාද සම්ප්‍රදායට එරෙහිව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාගයක් පැවැත්වෙයි.
ඡායාරූප ශීර්ෂ වැකිය, 'තලාක්' දික්කසාද සම්ප්‍රදායට එරෙහිව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාගයක් පැවැත්වෙයි.

මුස්ලිම් 'තලාක්' දික්කසාද සම්ප්‍රදාය ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බව උතුරු ඉන්දියාවේ 'අලහබාද්' මහාධිකරණය විසින් තීන්දු කරනු ලැබ ඇත.

එම මුස්ලිම් දික්කසාද සම්ප්‍රදාය අනුව සිය බිරිඳ ඉදිරිපිට තුන්වතාවක් 'තලාක්' යන වචනය හඬ නැගීම මගින්(triple talaq) පුරුෂයකුට සිය දික්කසාදය ප්‍රකාශයට පත්කළ හැකිවෙයි.

'තලාක්' සම්ප්‍රදාය මගින් මුස්ලිම් කාන්තාවන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කෙරෙන බව 'අලහබාද්' මහාධිකරණයේ තීන්දුව මගින් පැවසෙයි.

'තලාක්' දික්කසාද සම්ප්‍රදාය කාන්තාවන් අසරණ කෙරෙන්නක් බව ඊට එරෙහි කණ්ඩායම් පවසති.
ඡායාරූප ශීර්ෂ වැකිය, 'තලාක්' දික්කසාද සම්ප්‍රදාය කාන්තාවන් අසරණ කෙරෙන්නක් බව ඊට එරෙහි කණ්ඩායම් පවසති.

'තලාක්' දික්කසාද සම්ප්‍රදායට එරෙහිව පවරන ලද තවත් නඩුවක් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට මේදිනවල විභාගයට ගැනෙමින් පවතී.

එම මුස්ලිම් දික්කසාද සම්ප්‍රදාය අභියෝගයට ලක්කරන කණ්ඩායම් එමගින් කාන්තාවන් අසරණ කෙරෙනබව පෙන්වා දෙති.

ඉන්දියාවේ මුස්ලිම් විවාහ පාලනය කෙරෙන්නේ ඉස්ලාමීය පෞද්ගලික නීතිය යටතේයි.

තලාක් සම්ප්‍රදායට පක්ෂව
ඡායාරූප ශීර්ෂ වැකිය, තලාක් සම්ප්‍රදායට පක්ෂව

'තලාක්' සම්ප්‍රදාය (triple talaq) විවාදයට ගැනීම මගින් මුස්ලිම්වරුන්ට අසාධාරණයක් කෙරෙන බව එම දික්කසාද සම්ප්‍රදාය අනුමත කරන්නෝ කියා සිටිති.