පරිගණකය යනු 'ආයා කෙනෙකු නොවේ'

ඡායාරූප මූලාශ්‍රය, UNICEF/NCPA
සාපරාධී ක්‍රියා සඳහා අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ජාල උපයෝගී කර ගන්නන්ගෙන් ළමා පරපුර රැක ගැනීමේ උපාය මාර්ග පද්ධතියක් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සහ ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
UNICEF සහ ශ්‍රී ලංකා ළමා ආරක්ෂණ අධිකාරිය විසින් එම උපාය මාර්ග මෙසේ පෙළ ගස්වා ඇත.

ඡායාරූප මූලාශ්‍රය, UNICEF/NCPA
01. අන්තර්ජාලයේ යමක් පළ කිරීමට (SHARE) පෙර ඒ පිළිබඳ දෙවරක් සිතා බැලිය යුතු බව ඔබේ දරුවාට පහදා දෙන්න. එසේ පළ කරන දෑ මිතුරන්ට පමණක් සීමා කිරීම ආරක්ෂාකාරී පියවරක් වනු ඇත.

ඡායාරූප මූලාශ්‍රය, UNICEF/NCPA
02. සමාජ මාධ්‍ය තුළ දහස් ගණනක් ව්‍යාජ ගිණුම් ඇත. ඔබේ දරුවාගේ අන්තර්ජාල සබඳතා , ඔහුගේ/ ඇයගේ විශ්වාසවන්ත මිතුරු මිතුරියන්ට පමණක් සීමා වන්නේ දැයි යන්න තහවුරු කර ගැනීම වැදගත්.

ඡායාරූප මූලාශ්‍රය, UNICEF/NCPA
03. 'පරිගණකය යනු ආයා කෙනෙකු නොවේ'. තාක්ෂණික මෙවලම්වලින් මදකට නිදහස් වී මිතුරු මිතුරියන් හා කෙළිසෙල්ලම් කිරීමට, දුව පැන ඇවිදීමට දරුවා ධෛර්යමත් කරන්න.

ඡායාරූප මූලාශ්‍රය, UNICEF/NCPA
04. සිය මිතුරු මිතුරියන් ඇතුළු අන්තර්ජාල සබඳතා පවත්වන කවරකුට හෝ මුර පද (PASSWORDS) ලබා නොදීමට වගබලා ගත යුතු බව දරුවාට කියා දීම වැදගත්.

ඡායාරූප මූලාශ්‍රය, UNICEF/NCPA
05. සමාජ මාධ්‍ය ඇතුළු අන්තර්ජාල ගිණුම් තුළ 'PRIVACY SETTINGS' භාවිත කරන ආකාරය දරුවාට කියා දෙන අතරම ඒ තුළින් පෞද්ගලික තොරතුරු ආරක්ෂා කර ගන්නේ කෙසේද යන්න දරුවාට පහදා දෙන්න.
විශේෂයෙන් යොවුන් වියේ පසු වන දරුවන්ට ව්‍යාජ අන්තර්ජාල ගිණුම්වලින් ආරක්ෂා වී සිටීමට එමගින් හැකි වනු ඇත.

ඡායාරූප මූලාශ්‍රය, UNICEF/NCPA
06. අන් අයගේ හැඟීම්වලට හානිවන ආකාරයේ පණිවුඩ (MESSAGES) සිය මිතුරු මිතුරියන් වෙත නොයැවීමට වග බලා ගැනීම පිළිබඳ දරුවා දැනුවත් කරන්න. වෙනත් කිසිවෙක් එසේ කළත් ඊට ඒ ආකාරයෙන්ම ප්‍රතිචාර නොදැක්විය යුතු බව දරුවාට පහදා දෙන්න.
සමාජ මාධ්‍ය තුළ මිතුරු මිතුරියන් හා කාරුණික භාවයෙන් කටයුතු කිරීමට දරුවා උනන්දු කරවන්න.

ඡායාරූප මූලාශ්‍රය, UNICEF/NCPA
07. හිංසාකාරී ලෙස හෝ තර්ජනාත්මක ලෙස හැසිරෙන සමාජ මාධ්‍යජාල ගිණුම් හිමියන් පිළිබඳ පැමිණිලි (REPORT) කරන්න.

ඡායාරූප මූලාශ්‍රය, UNICEF/NCPA
08. සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය තුළ සිදු කළ දෑ පිළිබඳ දිනකට එක්වරක්වත් දරුවා සමග සාකච්ඡා කරන්න

ඡායාරූප මූලාශ්‍රය, UNICEF/NCPA
09. සමාජ මාධ්‍ය හරහා දරුවා සමග අදහස් හුවමාරු කර ගැනීමට උත්සාහ කරන නාඳුනන පුද්ගලයන්ගේ ගිණුම් අවහිර (BLOCK) කරන්න. දරුවාට එසේ කිරීමට දිරිමත් කරන්න.

ඡායාරූප මූලාශ්‍රය, UNICEF/NCPA
10. දෙමව්පියන් වශයෙන් 'PRIVACY SETTINGS' පිළිබඳ අවබෝධයක් ලබා ගන්න. ඒ තුළින් ආරක්ෂාකාරී ලෙස අන්තර්ජාල ගිණුම් භාවිත කරන ආකාරය පිළිබඳ දරුවාට කියා දෙන්න.











