'සෑම තත්පර හතකට වරක්' බාල වයස්කාර විවාහයක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ලොව පුරා වයස අවුරුදු පහළොවට අඩු බාල වයස්කාර දැරියන් අතුරින් එක් අයෙක් සෑම තත්පර හතකට වරක් විවාහ වන බව ළමා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් පවසයි.
'Save the Children' පුණ්‍යායතනය විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව අවුරුදු දහය තරම් බාල වයසේ පසු වන දැරියන් වයසින් ඉතා වැඩි පුද්ගලයන් හා බලහත්කාරයෙන් විවාහ කර දෙනු ලැබේ.
ඒ හේතුවෙන් බාල වයස්කාර දැරියන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය අහිමි වන බවත්, ඔවුන් ගෘහස්ථ අපයෝජනයට සහ දූෂණයට ගොදුරුවීමේ බරපතල අවදානමක් පවතින බවත් පර්යේෂකයෝ පවසති.
ඉහත කී වාර්තාව පෙන්වා දෙන පරිදි බාල වයස්කාර විවාහ සිදු වීමට ප්‍රධානම වශයෙන් බලපා ඇත්තේ ගැටුම් සහ දුගී භාවයයි.
එම තත්වය ඇෆ්ගනිස්තානය, යේමනය, සෝමාලියාව සහ ඉන්දියාව වැනි රටවල බහුල වශයෙන් දැකිය හැකි බවත් 'Save the Children' සංවිධානයේ වාර්තාව පෙන්වා දෙයි.




