සාමාන්‍ය පෙළ අසමත් සිසුන්ටත් උසස් පෙළ වරම්

අ.පො.ස. සාමාන්‍ය පෙළ අසමත් වුවත් සුදුසු විෂය මාලා යටතේ උසස් පෙළ හැදෑරීමට අවස්ථාව ලබා දීම සඳහා පාසල් අධ්‍යාපන ක්‍රමය සංශෝධනය කරන බව අධ්‍යාපන ඇමතිවරයා පවසයි.
මෙම සංශෝධන සහිත අධ්‍යාපන ක්‍රමය වසර 2018 සිට ක්‍රියාත්මක කරන බවයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියා සිටියේ.
මේ අනුව සියළුම පාසල් දරුවන්ට වසර 13ක අඛණ්ඩ අධ්‍යාපනයක් ලබා දීමට සැලසුම් සකස් කරන බව ඔහු පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අධ්‍යාපන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී ඇමතිවරයා මේ බව කියා සිටියේ පරිවේණාධිපති කාර්යාල ඉදි කිරීම සඳහා ආධාර ලබා දීමේ උත්සවය අමතමිනි.
රැකියා අභිමුඛ අධ්‍යාපන ක්‍රමයක් බිහි කිරීම සඳහා පාසල් අධ්‍යාපන ක්‍රමය නවීකරණය කර නව විෂය ධාරාවන් හඳුන්වා දෙන බව අධ්‍යාපන ඇමතිවරයා මෙහිදී සඳහන් කළේය.
පිරිසිදු ථෙරවාදී බුදු දහමේ ජාත්‍යන්තර මධ්‍යස්ථානය ශ්‍රී ලංකාව බවට පත් කිරීම සඳහා විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව ද අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් තව දුරටත් කියා සිටියේය.






