සාම්පූර්: ගල් අඟුරු බලාගාරයක් 'ඉදිකරන්නේ නෑ'

සාම්පූර් ප්‍රදේශයේ ගල් අඟුරු විදුලි බලාගාරයක් ඉදි කිරීමේ තීරණයක් ගෙන නොමැති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්වීය.
නීතිපතිවරයා ඒ බව දැනුම් දුන්නේ අදාළ ප්‍රදේශයේ ගල් අඟුරු බලාගාරයක් ඉදිකිරිම නතර කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පාරිසරික පදනම ඉදිරිපත් කර තිබුන පෙත්සමක් විභාගයට ගැනුන අවස්ථාවේ.
නිසි ආරිසරික ඇගයීමකින් තොරව සාම්පූර් ප්‍රදේශයේ අදාළ බලාගාරය ඉදිකිරීමට රජය සුදානම් වන බවට එම පෙත්සමෙන් චෝදනා කර තිබුණි.
එසේ කළහොත් දැඩි පාරිසරික හානියක් සිදුවීමට ඉඩකඩ පවතින බවටත් පරිසර සංවිධානය සිය පෙත්සමෙන් අනතුරු අඟවා තිබුණි.
එහෙත් එවැනි සැලසුමක් නොමැති බවට රජයේ නීතිවේදියා අධිකරණය හමුවේ කළ කරුණු දැක්වීමෙන් අනතුරුව, රජය ලබා දුන් එම ප්‍රතිඥාව සටහන් කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
සාම්පූර්හි තාප බලාගාරයක් ඉදිකිරීමේ ආණ්ඩුවේ සැලසුමට එරෙහිව ප්‍රදේශවාසීන් මෙන්ම මානව හිමිකම් ක්‍රියාධරයන්ද වසර ගණනක් මුළුල්ලේ උද්ඝෝෂණවල නිරතව සිටියහ.




