ඇවන්ට්ගාඩ් ප්‍රධානියා අත්අඩංගුවට

ඇවන්ට්ගාඩ් මෙරිටයිම් පෞද්ගලික ආරක්ෂක සමාගමේ ප්‍රධානී නිශ්ශංක සේනාධිපති අල්ලස් හෝ දූෂණ කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
ඉහත කී සමාගම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති සහ මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු අල්ලස් කොමිසම වෙත කැඳවා තිබිණි.
අත්අඩංගුවට ගනු ලැබූ ඔවුන් දෙදෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර 2012 වසරේ සිට 2015 වසර දක්වා වූ කාල සීමාව තුළ පාවෙන අවි ගබඩාවක් පවත්වා ගෙන යාම සඳහා ඇවන්ට්ගාඩ් සමාගමට අනුමැතිය ලබා දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම මීට ඉහතදී නඩු පවරා තිබිණි.
සැප්තැම්බර් 30 වනදා උසාවියේ පෙනී සිටින ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට අධිකරණය විසින් පසුගියදා නොතීසි නිකුත් කරනු ලැබිණ.




