ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සජින් ද වාස්ට තවත් නඩුවක්
මිහින් ලංකා ගුවන් සමාගමේ මූල්‍ය කටයුත්තක් මුල් කර ගනිමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනට එරෙහිව නඩු පවරා ඇති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මිහින් ලංකා ගුවන් සමාගමේ විධායක නිලධාරියා වශයෙන් කටයුතු කළ සමයේ සිංගප්පූරු සමාගමකට රුපියල් මිලියන 883 ක ලාභයක් ලබා දීමේ අරමුණින් කටයුතු කොට ඇති බවට එල්ල වන චෝදනා මත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇති බවයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ කියා සිටියේ.
සැප්තැම්බර් 20 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනට නොතීසි යවා ඇති බවත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළේය.
ජනපති ලේකම් කාර්යාලය සතු වාහන අයථා ලෙස පරිහරණය කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනට එරෙහි නඩුවක් විභාග වෙමින් පවතියි.